පසුගිය 20 වන දින ගම්පහ පැවති සංගීත ප්‍රසංගයක දී ඔස්මන් ගුණසේකර නමැති ව්‍යාපාරිකයාට ටී 56 අවිවලින් වෙඩි තබා ඝාතනය කිරීමේ සැලැස්මක් අනාවරණය කර ගැනීමට හැකිවීමෙන් සිදු වීමට ගිය පුද්ගල ඝාතන රැසක් නවතාලීමට පොලීසියට හැකියාව ලැබුණා.
සංගීත ප්‍රසංගයේ විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයකු ලෙස සහභාගී වූ ඔස්මන් ගුණසේකර ඝාතනය කිරීමට නියමිතව සිට ඇත්තේ යුද හමුදා විශේෂ බළකායෙන් සහ කොමාන්ඩෝ බළකායෙන් පලාගිය සෙබළුන් දෙදෙනක් බවයි විමර්ශනවලින් හෙළි වී ඇත්තේ.
අදාළ ව්‍යාපාරිකයා ඝාතනය කකිරීමට ඔවුන් දෙදෙනා ත්‍රීරෝථ රථයකින් පැමිණ පසුව වෑන් රථයකින් පලායෑමටයි සැලසුම් සකස් කර ඇත්තේ.
මෙම ප්‍රහාරය විදේශගතව සිටින කෙහෙල්බද්දර පද්මේ නමැති පාතාල නායකයාගේ නියෝගය මත සූදානම් වූවක් බව වැඩිදුර විමර්ශන කටයුතුවලදී හෙළිව තිබෙනවා.
මේ සම්බන්ධයෙන් මේ වන විට කොමාන්ඩෝ සෙබළා සහ යුද හමුදා විශේෂ බළකා සෙබළා ඇතුළු පාතාල අපාරාධකරුවෝ 10 ක් අත් අඩංගුවට පත්ව තිබෙනවා.