ඊයේ (07) රාත්‍රියේ දී කුරුණෑගල - කොළඹ ප්‍රධාන මාර්ගයේ වැහැර මංසන්ධිය අසල ඇති ( ලාෆ් ) IOC ඉන්ධන පිරවුම්හල තුළ හදිසි ගින්නක් හටගෙන තිබුණා.
ගෑස් පිරවීම සඳහා පැමිණි ලොරි රථයකට, ගෑස් පුරවන අතරතුරදී එහි ලීටර් 6,000ක් අඩංගු ගබඩා දෙකකින් එකක් පුපුරා යෑමෙන් ගින්න හටගෙන තිබෙනවා. පුපුරා නොගිය අනෙක් ලීටර 6000 අඩංගු ගෑස් ටැංකිය නගර සභා සේවකයින් විසින් මහත් වෙහෙසක් දරා වසා දැමීමට කටයුතු කල බැවින් සිදු වීමට ගිය විශාල හානියක් වැළකී තිබෙනවා.
ගින්නෙ ඉන්ධන පිරුම්හලෙහි කළමනාකරු, සේවකයින් දෙදෙනකු හා ලොරි රථයේ රියැදුරා ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු තුවාල ලබා රෝඅල් ගත කර ඇති බවයි පැවසෙන්නේ.