උන්වහන්සේ ස්වර්ර්ගස්ථවන විට 88 වියේ පසු වූවා.
පළමුවන ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා වතිකානයේ රාජ්‍ය නායකයානන් වන තර රෝමයේ අගරදගුරුතුමානන්ද වනවා. 1936 දෙසැම්බර් 17 වැනි දින ආජන්ටිනාවේ බුවනෝස් අයර්ස් හීදි උපත ලද මෙතුමාගේ පෞද්ගලික නාමය වූයේ ජෝර්ජ් මාරියෝ බර්ගොග්ලියෝ යන්නයි. උන්වහන්සේ උපත ලැබූවේ දරුවන් පස් දෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමහල් දරුවා ලෙසයි. ඔහුගේ පියා මාරියෝ ජොසේ බර්ගොග්ලියෝ ඉතාලියෙන් අර්ජන්ටිනාවට සංක්‍රමණය වූ පුද්ගලයෙක් වූ අතර වෘත්තියෙන් ගණකාධිකාරිවරයෙක් වුණා. මව රෙජිනා මාරියා සිවොරිය. ගෘහණියක් වූ ඇය ආර්ජන්ටිනාවේ බුඑනොස් එයර්ස් හි උපත ලබා ඇතත් ඇයට තිබුනෙත් ඉතාලි සම්භවයක්.
උන්වහන්සේ පියතුමකු වශයෙන් පත්වීමට පෙර කෙටි කලක් රසායනාගාරයක තාක්ෂණික ශිල්පියෙක් ලෙසද සේවය කර තිබුණා. තරුණ බර්ගෝලියෝ රසායන විද්‍යාඥයෙකු ලෙස උපාධිය ලබා ගැනීමට පෙර රාත්‍රී සමාජ ශාලාවක ආරක්ෂකයෙකු (බොඋන්චෙර්) සහ බිම පිරිසිදු කරන්නෙකු ලෙස සේවය කර තිබුණා.
වර්ෂ 1969 දී මෙතුමා ජේසු නිකායික පියතුමකු වශයෙන් පූජකවරය ලබාගත් අතර 1973 සිට 1979 දක්වා ආජන්ටිනාවේ ප්‍රාදේශීය නායකයානන් ලෙස කටයුතු කර තිබෙනවා. අ998 වසරේ දී මෙතුමා බුවනෝස් අයර්හි අගරදගුරුතුමන් ලෙස පත් කරන ලද අතර 2001 වසරේ දි දෙවන ජුවාම් පාවුළු පාප් තුමන් අතින් කාදිනල් ධුරයට පත්වනු ලැබුවා. වර්ෂ 2013 දී 16 වන බෙනඩික් ශුද්ධෝත්තම පියතුමා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟම 2013 පෙබරවාරි 28 දින උන්වහන්සේ පාප් තනතුර සඳහා තෝරා පත්කරගනු ලැබුවා.
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඇමරිකාවේ නොහොත් පෘථිවියේ දකුණු අර්ධගෝලයෙන් බිහිවූ පළමු පාප් වහන්සේ වූ අතර පාප් පදවියට පත්වූ පළමු ජේසු නිකායික පියතුමන් ද වනවා.