කොළොම්බියාවේ වසංගතයක් පැතිරේ

හ උණ වසංගතයක් පැතිර යාම නිසා කොලොම්බියාවේ මේ වන විට හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. 

පසුගිය වසරේ ආරම්භ වූ මෙම කහ උණ රෝගයට පුද්ගලයින් 74 දෙනෙකු ගොඳුරු වී ඇති අතර ඉන් 34 දෙනෙක් මේ වන විට  මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 

මේ හේතුවෙන් බලධාරීන් එරට ජනතාවට දන්වා ඇත්තේ මෙම වසංගතයෙන් වැළකීමට අදාළ එන්නත් ලබා ගන්නා ලෙසයි. 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වර්තා සඳහන් කරන්නේ කහ උණ ආසාදිතයින් බොහොමයක් පළමු අදියරයේ දී සුවය ලබන අතර 15%ක පමණ පිරිසක් උග්‍ර කහ උණ රෝගී තත්ත්වයට මුහුණ දී දින 10ත් 14ත් කාලයක දී මියයන බවයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu