අලි මිනිස් ගැටුම් පලනය කිරීමේ අරමුණින් අලි සංචරණ මාර්ග ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර තිබෙනවා.
එහි පළමු පියවර ලෙස ප්‍රධාන අලි සංචරණ මාර්ග 04ක් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කරන බවයි පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි පවසා ඇත්තේ.
මෙම සංචරණ මාර්ග ප්‍රකාශයට පත් කර ඇත්තේ අනුරාධපුරය සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින්.