ජාතික ජන බලවේගයේ නොවන කණ්ඩායමක් පළාත් පාලන ආයතන ජයග්‍රහණය කළහොත් ඒවාට මුදල් වෙන්කිරීම කළ නොහැකි බව ත් මුදල් වෙන්කළත් එය සැලකිල්ලෙන් කිරීමට සිදුවන බව ත් ජනාධිපතිවරයා මැතිවරණ වේදිකාවල පවසන බවයි එම පැමිණිල්ලේ සඳහන්ව තිබුණේ.
අදාළ ප්‍රකාශ දෙක ම පළාත් පාලන ආයතන මැතිවරණ ආඥා පනතේ 82 (ඇ) හා 82 (ඈ) (අයුතු බලපෑම් හා අල්ලස) යන වගන්ති බරපතළව හා පැහැදිලි ලෙස උල්ලංඝණය කිරීමක් බව සිය විශ්ලේෂණාත්මක මතය යැයි එම පැමිණිල්ලේ සඳහන් කර තිබුණා.
මෙවන් ආකාරයකට ඡන්ද දායකයින්ට කිසිසේත්ම තර්ජනය කල නොහැකි බවයි එම සංවිධානය පෙන්වා දී තිබුණේ.
මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් ගත් පියවර ලෙස මැතිවරණ කොමිසන් සභාව විසින් ජනාධිපති ලේකම්වරයා වෙත ලිපියක් යොමු කර තිබූ බවයි වාර්තා සඳහන් කර තිබුණේ.
‘මැතිවරණ නීති කඩන කතා එපා: මැකො ජනපතිට ලියයි’ යන හිසින් ප්‍රධාන සිරස්තලය ලෙසින් ‘මව්බිම’ පුව්ත්පතේ මේ සම්බන්ධයෙන් ලිපියක් පළ කර තිබුණා.
කෙසේ වෙතත් එම ලිපිය මුද්‍රණය වීමෙන් පසු මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා ‘මව්බිම’ට දුරකතන ඇමතුමක් ගෙන මෙම පුවත සදොස් බව ත් එවැනි ලිපියකට තමා අස්සන් නොකළ බව ත් ප්‍රකාශ කර ඇති බවයි පැවසෙන්නේ.
මේ සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබුණා.
කෙසේ වෙතත් ජනාධිපති ලේකම්වරයා අමතා යැවූ බව කියන ලිපියක් ගැන ‘මව්බිම’ට පෙර දිනයේ ප්‍රකාශයක් කළේ ද මැතිවරණ කොමිසමේ නීති අංශයේ නිලධාරියෙකු වන පසුබිමක හා එම අංශයෙන් අදාළ තොරතුරු ලබාගන්නැයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ම මාර්ගෝපදේශ සැපයූ පසුබිමක පුවත පළකිරීමෙන් පසු මෙවැනි ප්‍රතිචාරයක් දැක්වීම පිළිබඳව මව්බිම පුවත්පත විමතිය පළකර තිබුණා.