2025.04.18 හා 2025.04.20 වන දිනයන්හි පැවැත්වෙන කිතුනු බැතිමතුන්ගේ පාස්කු උත්සවයේ දේව මෙහෙයන් සඳහා විශේෂ ආරක්ෂාවක් ලබා දීමට ශ්‍රී ලංකා පොලීසිය කටයුතු කර තිබෙනවා.
එම දිනයන්හි දී බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවීමට වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය විසින් සියළුම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, කොට්ඨාස භාර නිලධාරීන් ඇතුළු සියළුම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.
මෙහිදී ප්‍රධාන දේව මෙහෙයන් පැවැත්වෙන දේවස්ථාන සඳහා වැඩි අවධානයක් යොමු කරනු ඇති. එසේම බැතිමතුන් වැඩි වශයෙන් පැමිණීම සිදුවිය හැකි දේවස්ථාන හඳුනාගෙන එම ස්ථානයන්හි හා ඒ අවට ආරක්ෂාව තහවුරු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.