පාස්කු ප්‍රහාරය සම්බන්ධ වාර්තාව විමර්ශනයට නව සාමාජිකයෙක්

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව විමර්ශනය කිරීම සඳහා නව කමි‍ටු සාමාජිකයෙක් පත් කර තිබෙනවා. 

ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මේ සඳහා පත් කර ඇති බවයි වාර්තා සඳහන් කරන්නේ. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට සභාපතීත්වයෙන් යුතුව සිව්දෙනෙක් මේ වන විට කමි‍ටු සාමාජිකයින් ලෙස සිටි අතර නව පත් කිරීමත් සමඟම එම සාමාජිකයින් ගණන පහ දක්වා වැඩිවුණා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu