පුද්ගලයින් 300 දෙනෙකුට පමණ දිවි අහිමි කල මෙම ප්‍රහාරයට ඉලක්ක වී තිබුණේ කතෝලික සහ ක්‍රිස්තියානි පල්ලි තුනක් සහ කොළඹ සුඛෝපභෝගී හෝටල් තුනක්. මීට අමතරව දෙමටගොඩ පිහිටි නිවාස සංකීර්ණයක ද, දෙහිවල පිහිටි ලැගුම්හලකද පිපිරීම් සිදුව තිබුණා.
ඉස්ලාමීය අන්තවාදී කල්ලියක් විසින් මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කර ඇති බවයි විමර්ශනවලදී වාර්තා වී තිබුණේ. එසේම බුද්ධි අංශ වෙත මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු ලැබී තිබුණත් ප්‍රහාරය වළක්වා ගැනීමට කිසිදු පියවරක් නොගත් බවට ද චෝදනා එල්ල වී තිබුණා. වසර හයක කාල සීමාව තුළ අගමැතිවරු සිව්දෙනෙක්, ජනාධිපතිවරු සිව්දෙනෙක්, ආණ්ඩු හතරක් පත් වූවත් තවමත් ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණයක් ඉටු වී නැහැ.
ප්‍රහාරයට ලක් වූවන් සිහිකරමින් අද උදෑසන 8.30ට කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේ දී විශේෂ සැමරුමක් පවත්වනු ලැබුවේ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්.
ඊට සමගාමීට සියළුම ආගමික ස්ථානවල සීනු නාද කිරීම උදෑසන 8.45 ට සිදු කල අතර මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් ද පවත්වනු ලැබුවා.