එම ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරමින් පැවතිය ද ඒ සම්බන්ධයෙන් වගකිවයුත්තන් පිළිබඳව මෙතක් නිසියාකාරයෙන් අනාවරණය වීමක් සිදු වී නැහැ.
කෙසේවෙතත් ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය මාර්තු 20 වෙනිදා මාතර දෙයියන්දර ප්‍රදේශයේදී පවසා ඇත්තේ මෙම මස 21 වෙනි දිනට පෙර එම ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිවයුතු කිහිප දෙනෙකුගෙ නම් හෙළිකරන බවයි.
අප්‍රේල් 21 වන දිනට තව දින කිහිපයක් පමණක් පවතින බැවින් එදින පෙර අදාළ වගකිවයුත්තන්ගේ නම් හෙළිකිරීම සබ්න්ධයෙන් බලා සිටින බව කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමන් පවසා තිබෙනවා. නව රජයේ ප්‍රකාශයන් සම්බන්ධයෙන් දැඩි විශ්වාසයක් තබා සිටින බවයි එතුමා වැඩි දුරටත් පවසා ඇත්තේ.
කෙසේවෙතත් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් මින් පෙර දිනක දී සඳහන් කර ඇත්තේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නව රජයෙන්ද සාධාරණයක් සිදු වන බවක් නොපෙනෙන බවයි.