පසුගියදා ඇමරිකාව විසින් වෙනත් රටවල් සඳහා පැනවූ තීරුබදු සම්බන්ධයෙන් ලොව පුර මහත් ආන්දෝලනයක් ඇතිව තිබෙනවා.
කෙසේ වෙතත් රටවල් කිහිපයකට පනවා ඇති තීරුබදු සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඇමරිකා ජනාධිපතිවරයා තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඒ අනුව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුරෝපා සංගමය, ජපානය, ඉන්දියාව, දකුණු කොරියාව ඇතුළු රටවල් 15ක් සමඟ තීරු බදු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.