අලුත් අවුරුද්ද වෙනුවෙන් අප්‍රේල් 15 වන දින රජයේ නිවාඩු දිනයක් ලෙස පත් කර ඇති බව පවසමින් මේ දිනවම සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්තියක් සංසරණය වෙමින් පවතිනවා.
මේ සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
2025 අප්‍රේල් 15 වන දින රජයේ නිවාඩු දිනයක් බවට පත් කළ බවට රජය විසින් කිසිදු නිල නිවේදනයක් මෙතෙක් නිකුත් කර නොමැති බවත්, එම ප්‍රවෘත්තිය ව්‍යාජ ලෙස සකස් කරන ලද්දක් බවත් එම නිවේදනයේ සඳහන්.