දසුන් ශානක නැවතත් IPL තරඟාවලියට

තුවාල ලැබූ ග්ලෙන් පිලිප්ස් වෙනුවට  ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක 2025 IPL තරගාවලියේ ඉතිරි කාලය සඳහා ගුජරාට් ටයිටන්ස් (GT) කණ්ඩායමට ‍තෝරාගෙන ඇති බව වාර්තා වනවා. 

පසුගියදා සන්රයිසස් හයිද්‍රාබාද් (SRH) කණ්ඩායමට එරෙහිව පන්දු යැවීමේදී ග්ලෙන් පිලිප්ස් ආබාධයකට ලක් වූ අතර ඔහු නැවත නවසීලන්තය බලා පිටත්ව ගියේ තරඟාවලියෙන් ඉවත් වීමෙන්. 

දසුන් ශානක 2023 වසරේ දී ද  ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කර තිබෙනවා. දසුන් ශානක ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම වෙත මිලදී ගෙන ඇත්තේ ඉන්දීය රුපියල් ලක්ෂ 75කටයි (අමෙරිකානු ඩොලර් 87,800ක් පමණ)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu