2028 දී පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙල සඳහා වසර 128කට පසුව ක්‍රිකට් තරඟ ඇතුළත් කිරීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ විධායක කමිටුව තීරණය කර තිබෙනවා.
2028 දී ඔලිම්පික් උළෙල පැවැත්වෙන්නේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරයි. ඒ අනුව ක්‍රිකට් තරඟ දකුණු කැලිෆෝනියාවේ පොමෝනා හි ෆෙයාර්ග්‍රවුන්ඩ්ස් හි පැවැත්වීමටයි තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ. ඒ පිළිබඳව ප්‍රකාශයට පත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) පිළිගෙන ඇති බවද සඳහන්.
පන්දුවාර 20-20 තරඟාවලියක් ලෙස පැවැත්වෙන මෙම ක්‍රිකට් තරඟ කාන්තා සහ පිරිමි යන කණ්ඩායම් හයක් බැඟින් එක්වීමට නියමිතව තිබෙනවා.
2028 ජූනි මස 14 සිට 20 දක්වා ලොස් ඇන්ජලීස් නුවර දී ඔලිම්පික් උළෙල පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.