ලංකාවෙන් විදේශ වෙළඳපොළ වෙත යවන භාණ්ඩ සඳහා පනවා ඇති සහ මෙරට භාණ්ඩ සඳහා ඒ ඒ රවටවලින් පනවා ඇති තීරුබදු අනුපාතයන් නැවත සලකා බලන ලෙසයි එම නිර්දේශයන්හි සඳහන්ව ඇත්තේ.
අමැරිකාව විසින් අනෙකුත් රටවල් සඳහා පනවන ලද තීරු බදු හේතුවෙන් ශ්‍රී ලංකාවේ අපනයන අංශයට විශාල බලපෑමක් ඇති කළ හැකි බවත් ඒ නිසා ඉක්මනින් මැදිහත් වීම සඳහා අවදානම් තත්ත්වයන් සලකා බැලිය යුතු බවත් මහ බැංකුව විසින් පවසා තිබෙනවා.
එසේම තීරු බදු ව්‍යුහයන් නැවත සමාලෝචනය කිරීම අත්‍යවශ්‍ය බවයි මහ බැංකු වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ. අමෙරිකාව විසින් පනවා ඇති තීරු බදු හේතුවෙන් ශ්‍රී ලංකාවේ අපනයට අහිතකර බලපෑම් එල්ලවිය හැකි බවත් නිදහස් වෙළෙඳ ගිවිසුම් සක්‍රියව ක්‍රියාත්මක කිරීම සහ භාණ්ඩ වෙළෙඳාම විතැන්වීමේ (වෙනස්වීමේ) අවස්ථා ශ්‍රී ලංකාවට වාසිදායක ලෙස යොදා ගැනීමට ප්‍රතිපත්තිමය සූදානම අත්‍යාවශ්‍ය බවත් එම වාර්තාවේ සඳහන්.