පාප් පදවිය සඳහා නිර්දේශ වූ මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඉතාලියට

කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා අද (23) උදෑසන ඉතාලිය බලා පිටත්ව ගියා. 

පාප් වහන්සේගේ අවමංගල්‍යයෙන් අනතුරුව පැවැත්වෙන අභිනව පාප් වහන්සේ ‍තෝරා ගැනීමේ අවස්ථාවට ද මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් එක් වීමට නියමිතව තිබෙනවා. 

ස්වර්ගස්ථ වූ අති උතුම් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් හිමිපාණෝ ගෙන් හිස්වී ඇති පාප් පදවිය සඳහා දැනට ලොව පුරා සිටින කාදිනල් හිමිපාණෝ 09 දෙනකුගේ නම් යෝජනා වී තිබෙන අතර ඒ අතර ආචාර්ය මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝගේ නාමයද ඉදිරිපත් කර තිබෙනවා. සිංහල, දෙමළ , ඉංග්‍රීසි , ඉතාලි , ප්‍රංශ, ජර්මන් , හීබ්රූ , ග්‍රීක , ස්පඤ්ඤ , ලතින් යන භාෂා හැසිරවීමේ නිපුණතාවයක් උන් වහන්සේ සතුවනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu