ශිෂ්‍යත්ව ගුරුවරියට පොලිස් ආරක්ෂාව ලබා දීමට දැනුම් දුන්නේ කවුද ?

සුගිය දිනකදී පහ ශිෂ්‍යත්වය සඳහා ඉගැන්වීම් කටයුතු සිදු කරන ගුරුවරියක විසින් පොලිස් නිල වාහන හා පොලිස් නිලධාරින් නීති විරෝධී ලෙස භාවිතා කර තිබෙන බවට සමාජ මාධ්‍ය හරහා මහත් ආන්දෝලනයක් පැතිර ගියා. 

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ සංවිධානය කර තිබූ ශිෂ්‍යත්ව විභාගය සමත් සිසුන් ඇගයීම සඳහා පැවති උත්සවය සඳහායි මෙලෙස පොලීසිය විසින් ආරක්ෂාව සපයා දීමට කටයුතු යොදා ඇත්තේ. 

කෙසේ වෙතත් නවතම පුවත් වාර්තා කරන්නේ එලෙස පොලිස් ආරක්ෂාව ලබා දීමට පොලීසිය විසින් කටයුතු කර ඇත්තේ අග්‍රාමාත්‍ය කාර්යාලය කළ දැනුම් දීමක් අනුව බවයි. 

මෙම සැමරුම් උත්සවය සඳහා සිසුන් සහ දෙමාපියන් විශාල පිරිසක් සහභාගීවන බැවින් අවශ්‍ය ආරක්ෂාව සලසා දෙන ලෙස පසුගිය 08 වන දින ලිපියක් මඟින් වැඩබලන පොලිස්පතිවරයා වෙත අග‍්‍රාමාත්‍ය කාර්යාලය දැනුම් දී ඇති බවයි එම වාර්තාවල සඳහන් වන්නේ.

මෙම ආරක්ෂාව මුදල් ගෙවීමේ පදනම මත ලබා දී ඇති බවත් එලෙස විශේෂ අවස්ථාවලදී පොලිස් නිලධාරීන් පොලිස් වාහන මුදල් ගෙවීමේ පදනම මත ලබා ගත හැකි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා ප්‍රකාශ කර තිබෙනවා. 

නමුත් එහිදී එම ගුරුවරිය වෙනත් කාර්යයක් සඳහා එම පොලිස් පහසුකම් ලබා ගෙන ඇති බවට නිරීක්ෂණය වන බැවින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදු කරන බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් පවසා ඇත්තේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu