ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඇමරිකානු ජනතාව වීදි බසී

මෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ක්‍රියාකලාපයන්ට එරෙහිව එරට දහස් ගණනක් ජනතාව වීදි බැස විරෝධතාවයන්හි නිරතවනවා. 

ඇමරිකානු විප්ලවවාදී යුද්ධයේ ආරම්භයේ 250 වන සංවත්සරයට සමගාමීව මෙම විරෝධතා දියත් කර තිබෙනවා. විරෝධතා 50ක්, ප්‍රාන්ත 50ක්, 1 ව්‍යාපාරයක්”‍ යන තේමාව යටතේ ෆිෆ්ටි ෆිෆ්ටි වන් ලෙස විරෝධතාවයන් නම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 

ඇමරිකාවේ ප්‍රාන්ත 50 ඇතුලුව තවත් ස්ථාන 1,200 ක පසුගිය මාසයේ දී මෙවැනි විරෝධතා පවත්වා තිබුණා.  බ්‍රිතාන්‍යයේ - ලන්ඩන් නුවර, ප්‍රංශයේ පැරිස් නුවර සහ ජර්මනියේ බර්ලින් නුවර එම ස්ථානවලට ඇතුළත්. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu