ඇමරිකාවෙන් යේමනයට ප්‍රහාරයක්, ඊශ්‍රායලයේ සිටින ලාංකිකයන්ට දැනුම්දීමක්

මරිකාව විසින් යේමනයේ රාස් ඊසා හි ඉන්ධන වරායකට ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. 

එම ප්‍රහාරයෙන් පුද්ගලයින් 38 දෙනෙකු මියගොස් 102 ක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ. 

හවුති කැරලිකරුවන්ගේ ප්‍රධාන ඉන්ධන සැපයුම් මාර්ග විනාශ කිරීමේ අරමුණින් මෙම ප්‍රහාරය සිදු කර ඇති බවත් කැරලිකරුවන් රතු මුහුදේ නැව් ගමනාගමනයට එල්ල කරන ප්‍රහාර නතර කරන තුරු සිය ප්‍රහාර දියත්කරන බවට ඇමරිකාව පවසා ඇති බවත් විදෙස් මාධ්‍යවල සඳහන්. 

මේ අතර, යේමනයේ හවුති කැරලිකරුවන් විසින් ඊශ්‍රායලය ඉලක්ක කර ගනිමින් මිසයිල ප්‍රහාර දියත් කර හැකි බවටත් ඒ හේතුවෙන් ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිලිමත්වන ලෙසටත් ඊශ්‍රායලයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයන්ට තානාපති කාර්යාලය දැනුම් දී තිබෙනවා. 

හෙට සිට අප්‍රේල් 26 වනදා දක්වා එරට ප්‍රදේශ කිහිපයක අවුරුදු උත්සව ඇතුලු විවිධ ඉසව් සංවිධානය කර ඇති අතර එම අවුරුදු උත්සව පැවැත්වෙන ස්ථාන විවෘත ප්‍රදේශයන් වන බැවින් හදිසි අවස්ථාවකදී ආරක්ෂා වීමට අවශ්‍ය උපදෙස් පිළිපදින ලෙසයි ඊශ්‍රායලයේ තානාපති කාර්යාලය දැනුම් දී තිබෙන්නේ.  

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu