මියන්මාරයට බලපෑ ප්‍රභල භූ කම්පනය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් විශාල ප්‍රමාණයක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මියන්මාරයේ මැන්ඩලේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් රික්ටර් මාපකයේ 7.7ක ප්‍රභල භූ කම්පනයක් සහ ඉන් අනතුරුව ප්‍රබල පසු කම්පන කිහිපයක් ද ඇති වුණා.
ලොව භූ විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ මෙම භූ කම්පනය ,ඉන්දියානු භූ තැටියේ විශාල වෙනසක් සිදුවීමට නියමිත බවයි.
ඉන්දියානු භූ තැටිය වසරකට සෙන්ටිමීටර 4-5 ක වේගයෙන් උතුරු දෙසට ගමන් කරමින් යුරේසියානු භූ තැටිය හා ගැටෙන අතර මෙම ගැටුම හේතුවෙන් හිමාලයේ ඉහළ උන්නතංශ කඳු භූමි ඔස්සේ භූමිය ගැටීම්, කැඩීම් සහ තදින් තල්ලු වීම් සිදුවනවා. මෙම සංසිද්ධිය නිරතරයෙන් වසර ගණනාවක් සිදු විදු වීමෙන් බලශක්තිය ගබඩා වී පසුව විශාල භූකම්පන ලෙස මුදා හරිනවා.
නව සොයා ගැනීම්වලට අනුව ඉන්දියානු භූ තැටිය බිඳී යමින් පවතින බවත් එය මියන්මාරය යටතේ නැගෙනහිර දෙසට ද (සාගිං දෝෂය) ඉරානය/ඇෆ්ගනිස්ථානය යටතේ බටහිර දෙසට ද බිඳ වැටෙනු ඇති බවයි පැවසෙන්නේ. මෙම බිඳී යාම 2023 වසරේ දී අෆ්ගනිස්ථානයේ රික්ටර් මාපක 6.5ක භූකම්පනයක් ඇති කරනු ලැබුවා.
ඉන්දියානු භූ තැටියේ මෙම වෙනස්වීම් නිසා විශාල ගණයේ භූ කම්පන ඇති වී එමඟින් ලෝකයම විනාශ වී යා හැකි බව භූ විද්‍යාඥයින් පෙන්වා දෙනවා. නව තාක්ෂණික සම්පීඩන උපයෝගී කරගනිමින් සිදු කල විමර්ශන අනුව පෙනී ගොස් ඇත්තේ මෙම කලාපයේ තවත් විශාල භූකම්පන සිදු වීමට ඉඩ ඇති බවයි.
මියන්මාරයේ මීළඟ භූකම්පනය රික්ටර් මාපක 7.5-8.0 ත් අතර විය හැකි බවත් එමඟින් යැන්ගොන් හෝ මැන්ඩලේ වැනි නගර විනාශ වීමේ තර්ජනයක් ඇති බවත් පෙන්වා දී තිබෙනවා. එසේම රික්ටර් මාපක 6ට වැඩි තිව්‍ර කම්පන තායිලන්තයේ ද ඇති විය හැකි බවයි සඳහන් වන්නේ.
එසේම රික්ටර් මාපක 8.5ට වැඩි භූමිකම්පාවක සලකුණු හිමාලය ආශ්‍රිතව පවතින බවත් එමඟින් නේපාලය, භූතානය, උතුරු ඉන්දියාව ආදී රටවල් බලපෑමට ලක්විය හැකි බවත් පෙන්වා දී තිබෙනවා. මෙම භූමිකම්පා 1505/1934 වර්ෂවල මෙන් ඉතා ප්‍රබල විය හැකි බවයි සඳහන් වන්නේ.
ඉරානය ආශ්‍රිතවද රික්ටර් මාපක 7.3ක පමණ භූකම්පන ඇති විය හැකි බවයි පැවසෙන්නේ.
එසේම 2004 වසරේ මෙන් ප්‍රබල සුනාමි තත්ත්වයක් හට ගැනීමේ ඉඩකඩ ද පවතින බව පෙන්වා දී තිබෙනවා.