ඉදිරියේදී ඇති විය හැකි වාහන මිල ගැන අනාවැකියක්


මා
ර්තු 01 වන දින සිට පෞද්ගලික පරිහරණය සඳහා වාහන ආනයනයට රජය විසින් අවසර ලබා දුන්නා. 

ඒ අනුව ආනයනය කල වාහන 400කට ආසන්න ප්‍රමාණයක් හම්බන්තොට වරායේ පවතින අතර අපනයන පරීක්ෂණ සහතිකයේ මතුව තිබූ ගැටලු‍වක් ඒවා රේගුවෙන් නිදහස් කර ගැනීමට නොහැකි තත්ත්වයේ පැවතියා. 

එසේ රේගුවෙන් නිදහස් කර ගැනීමට පවතින බාධා මඟහරිමි අදාල කටයුතු සිදු කර ගැනීමට පසුගිය 19 වන දින ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබුවා. 

ඒ අනුව, අපනයන පරීක්ෂණ සහතික ලබාගෙන තිබූ බියුරෝ වෙරිටාස් කාර්යාංශයට  අදාළ වාහන මෙරටට එවීම සඳහා බලය ලැබෙන අතර රේගුවෙන් වාහන නිදහස් කිරීමට තිබෙන අනෙකුත් බාධකද ඉවත් කර තිබෙනවා. 

කෙසේ වෙතත් ජනතාව තුළ වාහන වාහන මිලදී ගැනීමට ඇති උනන්දුව අඩු වීම හේතුවෙන් වාහන ආනයනය හරහා රජය විසින් බලාපොරොත්තුවන ආදායම උපයා ගැනීමේ අර්බුදයක් මතුවිය හැකි බවයි  ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසා ඇත්තේ. 

එසේම වරාය නිශ්කාශන කටයුතු ප්‍රමාද වීම ඇතුළු ගැටළු කිහිපයක් හේතුවෙන් වාහ මිල ඉහළ යා හැකි බැවින් පාරිභෝගියාට ඉහළ මිලකට වාහන මිලදී ගැනීමට සිදුවනු ඇති බවයි ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් අරෝෂ රොද්‍රිගෝ පවසා ඇත්තේ.

ජනාධිපතිවරයා විසින් නිකුත් කල අති විශේෂ ගැසට් නිවේදනය පහතින්. 







ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu