යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යනු ලබන ප්‍රසිද්ධ රංගන ශිල්පියෙක් මෙයට සමබන්ධ බව ද ඔහුගේ නමට සමාන බැංකු ගිණුමක් ආධාර එකතු කිරීම සඳහා යොදාගෙන ඇති බව ද වාර්තා වල සඳහන්.
මේ සම්බන්ධයෙන් දළදා මාලිගාවේ බලධාරීන් විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ මෙම දළදා දැක්ම සඳහා කවර ආකාරයක හෝ මුදල් ආධාර එකතු කිරීමේ කටයුත්තක් කිසිදු සංවිධාන කටයුත්තක් වෙනත් කිසිවෙකුට පවරා නැති බයි.
ඒ සම්බන්ධයෙන් නිවේදනයක්ද නිකුත් කර තිබෙන අතර සම්පූර්ණ නිවේදනය පහතින්.
උපුටා ගැනීම
⚠️ Whatsapp මඟින් හුවමාරුව වන මෙම දැන්වීම සම්පූර්ණයෙන් ව්‍යාජ එකක් වන අතර, සිරි දළදා වන්දනාව වෙනුවෙන් අවශ්‍ය සියලු පහසුකම් ශ්‍රී දළදා මාලිගාව හා රජය විසින් සපයන අතර, ශ්‍රී දළදා මාලිගාව විසින් කිසිදු පුද්ගලයෙකුට, සමූහයකට, සංවිධානයකට හෝ වෙනත් කවර ආකාරයකට හෝ අරමුදල් රැස් කිරීමට මෙන්ම වෙනත් කිසිදු සංවිධාන කටයුත්තක් පවරා නොමැති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත දැනුම්දෙන්නෙමු.
උපුටා ගැනීම අවසන්
ආධාර එකතු කිරීම සඳහා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සම්පූර්ණ නිවේදනය පහතින්.