1986 ජනවාරි 21 වන දින ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පට්නා හි සුෂාන්ත් සිං රාජ්පුත් උපත ලබනවා. ඔහු රූපවාහිනී නළුවෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ "කිස් දේශ් මේන් හේ මෙරා දිල්" සහ "පවිත්‍ර රිෂ්තා" වැනි ජනප්‍රිය ටෙලි නාට්‍යයන්හි රංගනයෙන් දායක වෙමින්. "කයි පෝ චේ!" චිත්රපයට හරහා ඔහු චිත්‍රපට ක්ෂේත්රයට පිවිසි අතර "MS Dhoni: The Untold Story" සහ "Chhichhore" වැනි චිත්‍රපට හරහා ඔහුගේ ප්‍රබල රංගන හැකියාව විඳහා දැක්වූවා.
සුෂාන්ත් දක්ෂ නළුවෙකු පමණක් නොව උද්යෝගිමත් නර්තන ශිල්පියෙකු, ගායකයෙකු සහ ව්‍යවසායකයෙකු ද ලෙස කටයුතු කර ඇති අතර ඔහුට ඉංජිනේරු උපාධියක් ද හිමිව තිබුණා. අන්තර්ගත නිර්මාණය සහ කුසලතා කළමනාකරණය කෙරෙහි අවධානය යොමු කළ නිෂ්පාදන සමාගමක් වන Innsaei Ventures හි සම-නිර්මාතෘවරයෙකු ද වූ සුෂාන්ත් සිං රාජ්පුත්ගේ ශිල්පය සඳහා වූ කැපවීම සහ ජීවිතය සඳහා ඇති උනන්දුව බොහෝ දෙනෙකුට ආස්වාදයක් ලබා දුන්නා.
සුශාන්ත්ගේ ආකර්ෂණීය රංගනයන් ඔහුට හොඳම නළුවා සඳහා වන ෆිල්ම්ෆෙයාර් සම්මානය ඇතුළු සම්මාන සහ නාම යෝජනා රැසක් ලබා දුන් අතර 2017 දී Forbes India Celebrity 100 ලැයිස්තුවේ ද ඔහුගේ නම ඇතුළත් කරනු ලැබුවා.
මෙවන් උද්යෝගමත් ජීවිතයක් ගත කල සුෂාන්ත් සිං රාජ්පුත් 2020 ජුනි 14 වන දින ඔහුගේ මුම්බායි නිවසේ ගෙල වැලලාගෙන සියදිවි නසාගෙන සිටියදී සොයා ගනු ලැබුවා. මිය යනවිට ඔහුගේ වයස අවුරුදු 34ක්.
මෙම සිය දිවි නසා ගැනීම අනුබල දීම, වංචා කිරීම, වැරදි ලෙස රඳවා තබා ගැනීම, සොරකම, සාපරාධී විශ්වාසය කඩ කිරීම, ඉන්දියානු දණ්ඩ නීති සංග්‍රහයට සාපරාධී බිය ගැන්වීම ඇතුළු චෝදනා යටතේ රියා චක්‍රබෝර්ති, ඇගේ දෙමාපියන් සහ සහෝදරයා සහ තවත් දෙදෙනෙකු නම් කරමින් CBI 2020 අගෝස්තු 6 වන දින FIR පෙත්සම් ගොනු කර තිබුණා.
මෙම පෙත්සම ගොනුකරනු ලැබුවේ රාජ්පුත්ගේ පියා විසින් පැට්නා පොලීසියට ගොනු කරන ලද පැමිණිල්ලක් මතයි.
එසේම ලොව පුරා සිටින සුෂාන්ත් සිංගේ රසිකයින් විසින්ද, විවිධ සංගම් මඟින් ද මෙම මරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා හඬ නැඟූ අතර ඔවුන් චෝදනා කලේ බොලිවුඩ් සිනමාවට සම්බන්ධ දැවැන්ත පවුල් කණ්ඩායම්වල ඇතැම් බලපෑම් සහ ක්‍රියාවන් මෙම මරණයට සම්බන්ධ බවයි.
මෙය සිය දිවි නසාගැනීමක් නොව එය ඝාතනයක් විය හැකි බවටත් ඔවුන් චෝදනා නැගුවා. ඒ සුෂාන්ත් සිය නිවසේ මියගොස් සිටි ආකාරය, මරණ පරීක්ෂණය හා සම්බන්ධ ගැටලු සහ ඇතැම් සාක්ෂි විනාශ කිරීම වසන් කිරීම යන කරුණු උපුටා දක්වමින්.
එසේම ලොව පුරා සිටින සුෂාන්ත් සිංගේ රසිකයින් විසින්ද, විවිධ සංගම් මඟින් ද මෙම මරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා හඬ නැඟූ අතර ඔවුන් චෝදනා කලේ බොලිවුඩ් සිනමාවට සම්බන්ධ දැවැන්ත පවුල් කණ්ඩායම්වල ඇතැම් බලපෑම් සහ ක්‍රියාවන් මෙම මරණයට සම්බන්ධ බවයි.
මෙය සිය දිවි නසාගැනීමක් නොව එය ඝාතනයක් විය හැකි බවටත් ඔවුන් චෝදනා නැගුවා. ඒ සුෂාන්ත් සිය නිවසේ මියගොස් සිටි ආකාරය, මරණ පරීක්ෂණය හා සම්බන්ධ ගැටලු සහ ඇතැම් සාක්ෂි විනාශ කිරීම වසන් කිරීම යන කරුණු උපුටා දක්වමින්.
ඒ අනුව, වසර 5කට ආසන්න කාලයක් සුෂාන්ත්ගේ මරණය සියදිවි නසාගැනීමක් ද නැතහොත් ඝාතනයක් ද යන්න සම්බන්ධයෙන් ඉන්දීය මධ්‍යම විමර්ශන කාර්යාංශය (CBI) විසින් පරීක්ෂණ පවත්වනු ලැබුවා.
වසර පහකට ආසන්න කාලයක් තිස්සේ විමර්ශනය වෙමින් පැවති මෙම නඩු ගොනු සියල්ල ඉන්දීය මධ්‍යම විමර්ශන කාර්යාංශය (CBI) විසින් වසා දැමීමට තීරණය කර තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය පවසන්නේ එය “සියදිවි නසාගැනීමේ සරල නඩුවක්” ලෙස සඳහන් කර ඇති බවයි.
එසේම මෙම නඩුවේ ගොනු කර ඇති පෙත්සම් දෙකෙහිම නම් කර ඇති සියළුම පුද්ගලයින් CBI විසින් නිදහස් කර තිබෙනවා. සුෂාන්ත් රාජ්පුත් ගේ පෙම්වතිය වූ රංගන ශිල්පිනී රියා චක්‍රබෝර්ති, ඇගේ දෙමාපියන් සහ සහෝදරයා මෙන්ම රාජ්පුත්ගේ සහෝදරියක් වන ප්‍රියංකා සහ වෛද්‍යවරයෙකු එලෙස නිදහස් කර ඇති බවයි පැවසෙන්නේ.
CBI එහි අවසන් වාර්තාව සමඟ ලේඛන සහ සාක්ෂිකරුවන්ගේ ලැයිස්තුවක් ගොනු කර ඇති අතර, අධිකරණය අප්‍රේල් 8 වන දිනට නඩුව විභාග කිරීමට සහ වැඩිදුර නියෝග සඳහා දින නියම කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ.
ඉන්දීය සිනමා ඉතිහාසයේ දිව්‍යා භාරතී, ශ්‍රීදේවි, කුනාල් සිං, මීනා කුමාරි, ගුරු දත්, පවර්න් බබී, ජියා ඛාන්, කුල්ජීත් රන්ධාවා, ස්මිතා පටිල් සහ නෆීසා ජෝසප් වැනි නළු නිලියන් ඇතුළු නළු නිලියන් කිහිපදෙනෙකු මෙලෙස ආන්දෝලනාත්මක ලෙස මියගොස් ඇති අතර අතර ඇතැම් මරණ වසර ගණන් පැරණි වුවත් අදටත් අභිරහසක් ඉතිරිකර තිබෙනවා.