පාර්ලිමේන්තුවේ වාහන වෙන්දේසිය


පාර්ලිමේන්තුවේ පවතින අධි එන්ජින් ධාරිතාවයකින් යුතු වාහන වෙන්දේසි කිරීමට තීරණය කර තිබෙනවා. 

එම වෙන්දේසිය ආරම්භ කිරීම සඳහා එහි පවතින වාහනවල තොරතුරු ඇතුළත් වාර්තාවක් මේ වන විට ජනාධිපති කාර්යාලය වෙත භාර දී ඇති බවයි වාර්තා වන්නේ. 

ජනාධිපති කාර්යාලයේ උපදෙස් මත එම වෙන්දේසිය පැවැත්වීමට නියමිත බවයි පැවසෙන්නේ. 

ටොයෝටා ලෑන්ඩ් කෲෂර් වී 8 සහ මිට්සුබිසි මොන්ටෙරෝ ජීප් රථ දෙකක් පළමුවෙන් වෙන්දේසි කිරීමට නියමිත බවද වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu