සීඝ්‍රයෙන් පැතිරෙන චිකන්ගුන්යා වෛරසය ගැන දැනුවත් කිරීමක්


මේ දිනවල සමාජයේ වෛරස් උණ රෝගයක් වන ''චිකුන්ගුන්යා'' සහ ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වයේ ඉහළ යාමක් දක්නට ලැබෙනවා. 

වයස් භේදයකින් තොරව ඕනෑම පුද්ගලයෙකුට වැළඳිය හැකි චිකන්ගුන්යා රෝගයේ රෝග ලක්ෂණ බොහෝ දුරට ඩෙංගු රෝග ලක්ෂණවලට සමාන වනවා.

‘ඊඩ්ස් ඊජිප්ටයි’ සහ ‘ඊඩ්ස් ඇල්බොපික්ටස්’ යන මදුරුවන් දෙවර්ගය මඟින් ව්‍යාප්තවන මෙම රෝගය පළමු වරට සොයාගනු ලැබුවේ 1953 වසරේදීයි. රෝගීන් වැඩි වශයෙන් දක්නට ලැබූයේ අප්‍රිකාව, අමෙරිකාව, ඉන්දියාව වැනි රටවල වුවත් මෑතකදී සිට කොළඹ සහ කෝට්ටේ ප්‍රදේශවලින් ද රෝගීන් සුලබවීමක් දක්නට ලැබුණා. රෝගය වැළඳුණු සංචාරකයින්ගෙන් බලපෑමට ලක්නොවූ ප්‍රදේශවලට ද මෙම රෝගය පැතිරීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. 

රෝග කාරකයන් ශරීරයට ඇතුළු වු අවස්ථාවේ සිට රෝග ලක්ෂණ ඇතිවීම සඳහා ගතවන කාලය (බිජෞෂණ සමය) දින දෙකක් හෝ හතරක් පමණ වනවා. පළමු දින කිහිපය තුළ තද උණ සමග හිසරදය, ශරීරයේ රතු පැහැති ලප හෝ ශරීරය පුරා රතු පැහැවීම, නාසය, අත් සහ පාද අව පැහැ ගැන්වීම ආදිය ඇති විය හැකියි. එසේම මේ සමග ඇතිවන හන්දිපත් වේදනාව දිගු කාලයක් පැවතීමේ අවදානමක් පවතිනවා. 

දින කිහිපයක් පවතින උණ, රාත්‍රී කාලයේ කැස්ස, ආහාර අරුචිය, ශරීර බර අඩුවීම ඇතුළු ලක්ෂණ දින කිහිපයක් පවතින්නේ නම් වහාම ප්‍රතිකාර සඳහා යොමුවිය යුතුයි. එසේම රෝග ලක්ෂණ පවතින රෝගීන් වෛද්‍ය උපදෙස් මත පමණක් ප්‍රතිකාර ලබා ගත යුතු බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. 

මේ වන තෙක් මෙම රෝගයට නිසි ප්‍රතිකාරයක් හෝ එන්නතක් සොයාගෙන නොමැති අතර රෝගීන්ට ලැබිය යුතු ප්‍රධානම ප්‍රතිකාරය විවේකය බවයි වෛද්‍යවරු පෙන්වා දෙන්නේ. 

මේ වන තෙක් මෙම රෝගයට නිසි ප්‍රතිකාරයක් හෝ එන්නතක් සොයාගෙන නොමැති අතර රෝගීන්ට ලැබිය යුතු ප්‍රධානම ප්‍රතිකාරය විවේකය බවයි වෛද්‍යවරු පෙන්වා දෙන්නේ. 

රෝගය වළක්වා ගැනීමේ කාර්යක්ෂම ක්‍රියාමාර්ගය වන්නේ ආසාදිත මදුරුවන් ගෙන් ආරක්ෂා වීමයි ඩී.ඊ.ඊ.ටි, ඉකාරිඩීන්, පී.එම්.ඩී හෝ අයි. ආර් 3535 වැනි මදුරුවන් විකර්ෂණය කරන ද්‍රව්‍යද මේ සඳහා යොදා ගන්න අතර මදුරුවන්ට දෂ්ඨ කළ නොහැකි ආකාරයට අත්දිග කමීස සහ කලිසම් ඇදීම මගින්ද  ආරක්ෂාව සලසා ගැනීමට හැකිවනවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu