ගිනිගත් ගෙවල් වෙනුවට වියත්පුරෙන් අඩුවට ගෙවල් ගත් මන්ත්‍රීවරුන් ගැන නිවාස අමාත්‍යාංශයෙන් නිවේදනයක්


සුගිය අරගල සමයේ නිවාස ගිනිගත් මන්ත්‍රීන් සඳහා රජයෙන් ලබා දුන් වන්දි මුදල්වලට අමතරව රජයේ වියත්පුර නිවාස සංකීර්ණයෙන් නිවාස ද ලබාගෙන තිබෙන බව නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය විසින් දන්වා තිබෙනවා. 

පන්නිපිටිය වියත්පුර මහල් නිවාස ව්‍යාපෘතිය තුළ සියලුම මූලික පහසුකම්, එම සංකීර්ණය තුළ ස්ථාන ගත කර තිබෙනවා. 2022 ජූලි 16 දිනැති අංක 22/0970/502/019 දරන අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව පන්නිපිටිය වීරමාවත ප්‍රදේශයේ පිහිටි නිවාස 500කින් සමන්විත නිවාස ව්‍යාපෘතියෙන් මන්ත්‍රීවරුන්ට රුපියල් මිලියන 69ක වසරක කුලී පදනම මත නිවාස ඒකක 101ක් ලබාදී තිබුණා. ඒ මාදිවෙල ඉඩම සංවර්ධන කටයුතු සඳහා පවරාගෙන ඒ වෙනුවට පාර්ලිමේන්තුවට ආසන්නම නාගරික සංවර්ධන අධිකාරියට අයත් නිවාස යෝජනා ක්‍රමවල මන්ත්‍රීවරුන්ට නිවාස ඒකක ලබා දෙන ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දීමෙන් අන්තුරුවයි. 

අරගලයෙන් පසු වියත්පුර වීර මාවතේ පිහිටි මෙම නිවාස සංකීර්ණයේ  හි නිවාස ලබ දෙන ලෙස පහත සඳහන් මන්ත්‍රීවරුන් විසින් එවකට පාර්ලිමේන්තුවේ කතානායක වෙත ඉල්ලීමක් කර තිබුණා. ඒ අනුව පහත සඳහන් මන්ත්‍රීවරුන් 26 දෙනා සඳහා වියත්පුර නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා දී ඇති බවයි නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය පවසා ඇත්තේ. 

ඉහත නිවාස සංකීර්ණයේ නිවාස විකිණීමේ දී සාමානය ගැණුම්කරුවන් සඳහා නිවාස විකුණුම් ක්‍රමවේදය වන්නේ නිවසේ වටිනාකමින් මුලින් 50%ක් ලබා දී ඉතිරිය වසරක් ඇතුළත ගෙවා අවසන් කල පසු නිවාස ලබා දීමයි. 

නමුත් මෙම මන්ත්‍රීවරුන් 26 දෙනා සඳහා මූලික ගෙවීම 25% තෙක් අඩුකර ඉතිරිය වසර 15ක් තුළ ගෙවීමට ක්‍රමවේදයක් සකසා ගෙන නිවාස මිලදී ගෙන ඇති බවයි එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ. 

එම ආරම්භක තක්සේරු මුදල සහ වර්තමාන තක්සේරු මුදල එකතු කර එය දෙකෙන් බෙදා ගණනය වන මුදල දේපළෙහි වටිනාකම වශයෙන් ගෙවීමට කටයුතු සලසා ඇති බවයි එම අමාත්‍යාංශය විසින් නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වන්නේ. 





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu