පාසැල් බෑගයේ බර නිසා දරුවන්ට නියෙක් සෞඛ්‍ය ගැටළු මතුවිය හැකි බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසනවා.
පාසැල් බෑග් අධික බරින් යුතු වීම නිසා දරුවන්ගේ කොඳුඇට පෙළ ආශ්‍රිත වේදනා ඇති විය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ. එසේම ස්නායු ආශ්‍රිත ආබාධ, බෙල්ලේ වේදනා, හිසරදය ආදිය ද දරුවන්ට ඇති වීමට හැකියාව පවතිනවා.
දරුවන්ගේ සමතුලිතතාවය බිඳ වැටීම, හදිසි අවස්ථාවක දී දිව යාමට පවා නොහැකි වීම ආදී ගැටළු රැසක් මේ හේතුවෙන් ඇති විය හැකි බවයි සභාපතිවරයා වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකවලට අනුව පාසැල් බෑගයක බර විය යුත්තේ දරුවාගේ බරෙන් සියයට 15ත් 20ත් අතර ප්‍රමාණයක්.
මේ පිළිබඳව සලකා බලා නිසි ප්‍රමිතිගත තත්ත්වයන් යටතේ පාසල් බෑගයක් නිර්මාණය කර දිනකට පාසලට රැගෙන යා යුතු පොත් ප්‍රමාණය සීමා කළ යුතුව තිබෙන බවයි සභාපතිවරයා පවසන්නේ. එසේම පොත් බෑගය වෙනුවට ඩිජිටල්කරණ සංකල්පය ද ඉතා වැදගත් විසඳුමක් ලෙස ඔහු පෙන්වා දෙනවා.