රික්ටර් මාපකයේ 6.7ක ප්‍රබල භූකම්පනයක්


වසීලන්තයේ ස්නේරස් දූපත්වලට වයඹ දෙසින් පැසිෆික් සාගරයේ රික්ටර් මාපකයේ 6.7ක ප්‍රබල භූකම්පනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

ස්නේරස් දූපත්වලට කිලෝමීටර 160ක් පමණ දුරින් පොළොව අභ්‍යන්තරයේ මෙම භූ කම්පනය සිදු වී ඇති බවයි වාර්තා වන්නේ. 

ජාතික හදිසි කළමනාකරණ ආයතනය මේ වන විට නවසීලන්තයේ සවුත්ලන්ඩ් සහ ෆියෝඩ්ලන්ඩ් කලාපවල පදිංචිකරුවන් වෙත දැනුම් දී ඇත්තේ එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙසයි. 

2011 වසරේ දීද නවසීලන්තයේ සිදු වූ 6.3ක ප්‍රබල භූ කම්පනයෙන් පුද්ගලයින් 185 ක් ජීවිතක්ෂයට පත්ව තිබුණා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu