නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2026 වර්ෂයේ දියත් කිරීමට කටයුතු කරන බවත් 2025 තුළ වර්ෂය ඒ වෙනුවෙන් සුදානම්වීමේ ක්‍රියාවලිය සිදු වන බවත් එහිදී අග්‍රාමාත්‍යවරිය අදහස් දක්වමින් පවසා තිබෙනවා.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රධාන කුළුණු 05ක් යටතේ ක්‍රියාත්මක වීමට නියමිතයි. නව විෂය නිර්දේශයක් හඳුන්වාදීම, මානව සම්පත් දියුණු කිරීම, යටිතල පහසුකම් දියුණු කිරීම, මහජනතාව දැනුවත් කිරීම සහ නිසි තක්සේරුව සහ ඇගයීම යන ප්‍රධන කුළුණු යටතේ ක්‍රියාත්මක වන මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පළමු ශ්‍රේණියේ සහ හයවන ශ්‍රේණියේ දරුවන් වෙනුවෙන් 2026 වර්ෂයේ ප්‍රථමයෙන් හඳුන්වාදීමට නියමිත බවයි අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පවසා ඇත්තේ.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට අනුබද්ධිත අනුකමිටු 6ක් ස්ථාපිත කිරීමට මෙහිදී සාකච්ඡා වී ඇති අතර ඒ අනුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, පාසල්වල පවතින මානව හා භෞතික සම්පත් ඌනතාවය, පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා ළමයින් ඇතුලත් කර ගැනීම, අධ්‍යාපන සභාව පිහිටුවීම, උසස් අධ්‍යාපන අංශය, නිපුණතා අධ්‍යාපන අංශය වශයෙන් උපදේශක කාරක සභාවට අනුබද්ධිත අනු කමිටු 6ක් ස්ථාපිත කිරීමට නියමිතව තිබෙනවා.
ගරු. අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ පාසල් අතර විෂමතා අවම කිරීම, පාසල් සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වර්ධනය සඳහා පාසල් භෞතික පරීක්ෂාවට ලක් කිරීම, දැනට අත්හිටුවා ඇති ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා අවශ්‍ය පියවර ගැනීමට සහ පාසල්වල අනාරක්ෂිත පරිශ්‍ර ප්‍රතිසංස්කරණය කර වැඩිදියුණු කිරීමට මෙවර අයවැයෙන් අධ්‍යාපන සඳහා වෙන් වූ මුල්‍යමය ප්‍රතිපාදන ප්‍රමුඛ කොට යොදවන බවයි.
මේ අතර 2026 වසරේ සිට සාමාන්‍ය පෙළ විෂය ධාරාවන් සංඛ්‍යාව හතකට සීමා කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පසුගියදා නිවේදනයක් නිකුත් කර තිබුණා.
උපුටා ගැනීම
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 2026 වසරේ සිට සාමාන්‍ය පෙළ විෂය ධාරාවන් සංඛ්‍යාව හතකට සීමා වන අතර A,B,C යනුවෙන් කුසලතා සාමාර්ථයන් ලබාදීම සම්පූර්ණයෙන්ම අහෝසි වන අතර, සාමාන්‍ය පෙළ විභාගයෙන් කිසිදු සිසුවෙකු අසමත් නොවන ක්‍රමයකට එනම් GPA හෙවත් Grade Point Average නම් කාර්ය සාධක ලකුණක් ලබාදීමට කටයුතු කර තිබෙනවා.
මේ අනුව, 2026 වසරේ සිට සාමාන්‍ය පෙළ විභාගය විභාග දෙපාර්තමේන්තුව මඟින් පවත්වන්නේ විද්‍යාව, ගණිතය, මව් භාෂාව, ඉංග්‍රීසි, ආගම හා සාරධර්ම අධ්‍යාපනය, තොරතුරු තාක්ෂණය හා ඉතිහාසය යන විෂයන් සඳහා පමණක් වීම විශේෂත්වයක්.
මීට අමතරව තමන් කැමැති තවත් විෂයන් තුනක් සඳහා සිසුන්ට පෙනී සිටීමට අවස්ථාව ඇති අතර, එය පවත්වන්නේ 350ක් වූ පාසල් ඇගැයීම් හා අධ්‍යාපන මණ්ඩල හරහාය.
2025 වසරේ සිට මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන අතර 2026 වසරේදි සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා මෙම නව වෙනස්කම් ඇතුළත් වන අතර විභාග දෙපාර්තමේන්තුවෙන් ඔවුන්ට A,B,C යනුවෙන් සම්මාන කුසලතා සාමාර්ථ ලබා නොදෙන අතර GPA හෙවත් යම් කාර්ය සාධක පරිමාවකට යටත්ව උසස් පෙළ විෂයන් තෝරා ගැනීමට අවස්ථාව උදා වනු ඇති බවයි පැවසෙන්නේ.
මේ ක්‍රමවේදයට අනුව කිසිදු සිසුවෙකු සාමාන්‍ය පෙළ විභාගය අසමත් නොවන අතර සෑම සිසුවෙකුම යම් ලකුණු පරාසයකට ඇතුළත්ව සමත් වනු ඇති බවයි සඳහන් වන්නේ.
ඒ අනුව, 2027 වසරේ සිට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා උසස් පෙළට පෙනී සිටින සිසුන් වෙනුවෙන් දැනට පවත්නා කලා, විද්‍යා, ගණිත, වාණිජ, තාක්ෂණ යන විෂය ධාරා 6ට අමතරව අධ්‍යාපන නමින් නවතම විෂය ධාරාවක් ද එක් කරනු ඇත.
උපුටා ගැනීම අවසන්