මියන්මාරය හෙල්ලූ දරුණු භූ කම්පනය - PHOTO


යේ (28) මියන්මාරය සහ තායිලන්තය ආශ්‍රිත රටවල් කිහිපයකට රිච්ටර් මාපකයේ ඒකක 7.7+ ඉක්මවූ දරුණු භූකම්පනයක් ඇතිව තිබුණා. 

එසේම ඉන් අනතුරුව ප්‍රබල පසුකම්පන තත්ත්වයන් ද හටගෙන තිබුණා. 

මෙසේ භූ කම්පන තත්ත්වයක් ඇතිවූයේ අවුරුදු 69කට පමණ පසු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 

මේ වන විට එම භූකම්පනයෙන් අවම වශයෙන් පුද්ගලයින් 700ක් පමණවත් මියගොස් ඇති බවයි එම වාර්තා සඳහන් කරන්නේ. කෙසේ වෙතත් එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ඇස්තමේන්තු කර ඇත්තේ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 10,000 ඉක්මවිය හැකි බවටයි. 

මේ වන විට ඉන්දියාව සහ චීනය ගලවා ගැනීමේ කටයුතු සන්ඩ්න්හහා කණ්ඩායම් යවා ඇති අතර අද (29) උදෑසන වනවිට එරටට පැමිණි පළමු ජාත්‍යන්තර ගලවා ගැනීමේ කණ්ඩායම චීන කණ්ඩායමක් බව රාජ්‍ය මාධ්‍ය වාර්තා කරනවා. ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා පවසා ඇත්තේ හදිසි මානුෂීය ආධාර සමඟ ගලවා ගැනීමේ සහ වෛද්‍ය කණ්ඩායමක් යවා ඇති බවයි. 

භූ කම්පනට හේතුවෙන් ඉන් සැතපුම් සිය ගණනක් ඈතින් පිහිටි ගොඩනැඟිලි පවා කඩා වැ‍ටුණු අතර තවමත් සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් බේරා ගැනීමට කණ්ඩායම් වෙහෙස දරමින් සිටිනවා. 

ආසියාවේ දුප්පත්ම ජාතීන්ගෙන් එකක්වන මියන්මාරය, 2021 හමුදා කුමන්ත්‍රණයකින් ඇති වූ සිවිල් යුද්ධයක් නිසා එහි ජනතාව විශාල පීඩාවක් විඳිමින් සිටිනවා. එරට පවතින දුර්වල යටිතල පහසුකම් හේතුවෙන් ප්‍රධාන ස්වභාවික විපත්වලට මුහුණ දීමට එරට ජනතාවට ඉතා අපහසුතාවයක් පවතිනවා. සන්නිවේදන කටයුතු අඩපණ වීම නිසා උපකාර අවශ්‍යවන පුද්ගලයින්ගැන දැනගැනීම පවා ඉතා අභියෝගයක්ව පවතිනවා. 




































ඡායාරූප අන්තර්ජාලයෙන්




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu