සිසුන් 19කට තුවාල සිදු වූ ඉංගිරියේ අනතුර


ඉං
ගිරිය හොරන මාර්ගයේ ඉංගිරිය රෝහල අසලදී අද (27) උදෑසන අනතුරක් සිදුවී තිබෙනවා. 

බස් රථයක් සහ ලොරි රථයක් එකට ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති අතර අනතුරින් පාසැල් සිසුන් 19 දෙනෙකු ඇතු විස්සක පමණ පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. 

ඉංගිරිය ගාමිණි විද්‍යාලයේ දරුවන් පිරිසක් දොඹගොඩ ප්‍රදේශයේ පාසලක ක්‍රිකට් තරගයක් සඳහා සහභාගි වීමට ලොරි රථයකින් ගමන් කරමින් සිට ඇති අතර උදෑසන 7.00ට පමණ එම ලොරි රථය හොරණ ප්‍රදේශයේ සිට පැමිණි බස් රථයක් සමග මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu