කුරුණෑගල ප්‍රදේශයේ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක හිමිකරුවෙකු පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.
ඔහු මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ එම ආයතනයේ ඉගෙනුම ලැබීමට පැමිණි සිසුවියන් 10 දෙනෙකු වරින් වර අපයෝජනය කිරීමේ චෝදනාව මතයි.
අත් අඩංගුවට ගත් පුද්ගලයාට අයත් මෙම පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයේ නේවාසිකා අධ්‍යාපනය සඳහා ලියාපදිංචි වී සිටින සිසුවියන් පිරිසක් මෙම අපයෝජනයට ලක්ව ඇති අතර ඔවුන් විසින් සිදුකළ පැමිණිල්ලක් මත සැකකරු අත් අඩංගුවට ගෙන තිබෙනවා.
48 හැවිරිදි මෙම පුද්ගලයා කුරුණෑගල ප්‍රදේශයේ ම පදිංචිකරුවෙකු බවයි සඳහන් වන්නේ.