දීමනා විෂමතාවලට විසඳුම් ඉල්ලා සෞඛ්‍ය සේවකයින් වර්ජනයේ


දී
මනා විෂමතාවලට විසඳුම් ඉල්ලා මුදල් අමාත්‍යාංශය නිලධාරීන් සමඟ පැවති සාකච්ඡා අසාර්ථකවීම හේතුවෙන් සෞඛ්‍ය වෘත්තීය සමිති 18ක් අද (18) දීප ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක් දියත් කර තිබෙනවා. 

ඒ අනුව අද උදෑසන 07 සිට සෞඛ්‍ය වෘත්තීයවේදින්ගේ සම්මේලනය, පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදින්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය සහ අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණට අයත් වෘත්තීය සමිති 18ක් මෙලෙස වැඩ වර්ජනයේ නිරත වනවා. 

හදිසි සහ අත්‍යවශ්‍ය මෙන්ම ජීවිතාරක්ෂක සේවා පමණක් රෝහල්වල සිදු කෙරෙන අතර රසායනාගාර, විකිරණ සේවා, මහජන සෞඛ්‍ය හා පවුල් සෞඛ්‍ය, ඖෂධ නිකුත් කිරීම, භෞත චිකිත්සක කටයුතු, අක්ෂි තාක්ෂණවේද කටයුතු ආදිය වර්ජනය හේතුවෙන් අඩපණ වී ඇති බවයි පැවසෙන්නේ. 

ළමා සහ මාතෘ රෝහල්, පිළිකා රෝහල්, මානසික සහ වකුගඩු රෝහල්වල මෙම වැඩවර්ජනය දියත් නොවේ. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu