මියන්මාරයේ භූ කම්පනය නිසා අනාගතයේ දී සිදුවීමට යන අනතුර

රිච්ටර් මාපක 7.7ක ප්‍රබලත්වයෙන් මියන්මාරයේ සිදු වූ භූ කම්පනය පරමාණු බෝම්බ 300කට අධික සංඛ්‍යාවකට සමාන ශක්තියක් මුදා හැර ඇති බව ඇමරිකානු භූ විද්‍යාඥ ජෙස් ෆීනික්ස් පවසා තිබෙනවා. 

මෙවැනි භූමිකම්පාවකින් නිකුත් කරන බලය පරමාණු බෝම්බ 334කට පමණ සමාන වන බවයි ඇය පවසා ඇත්තේ. 

මියන්මාරයට බලපෑ භූකම්පනයෙන් පසුව ඇති වන පසුකම්පන මාස ගණනාවක් පැවතිය හැකි බවයි ඇය පෙන්වා දී ඇත්තේ. එයට හේතුව ලෙස ඇය පැහැදිලි කර ඇත්තේ ඉන්දියානු භූ තැටිය යුරේසියානු භූ තැටිය සමඟ මියන්මාරයට යටින් අඛණ්ඩ කඩා වැටීමකට ලක්වීමයි.

මියන්මාරයේ භූකම්පනයෙන් පසු ඊයේ දිනයේ දී ටොන්ගෝ රාජ්‍යයේ ද රිච්ටර් මාපක 7.0ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබුණා. භූමිකම්පාවෙන් අනතුරුව සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබූ අතර පසුව එය ඉවත් කරනු ලැබුවා. එසේම ඊයේ දිනයේ දී,

  • හවායි දූපත් ආශ්‍රිතව රිච්ටර් මාපක 2.6ක භූ කම්පනයක්
  • ඇලෙස්කාව ආශ්‍රිතව රිච්ටර් මාපක 2.9ක භූ කම්පනයක්
  • පියුටෝ රිකෝ දූපත් ආශ්‍රිතව රිච්ටර් මාපක 2.6ක භූ කම්පනයක්
  • ජපානය ආශ්‍රිතව රිච්ටර් මාපක 4.5ක භූ කම්පනයක්
  • ටොංගා ආශ්‍රිතව නැවතත් රිච්ටර් මාපක 4.8ක භූ කම්පනයක්
  • හවායි දූපත් ආශ්‍රිතව රිච්ටර් මාපක 3.3.ක භූ කම්පනයක්
  • U.S. Virgin දූපත් ආශ්‍රිතව රිච්ටර් මාපක 3.2ක භූ කම්පනයක්
  • නැවතත් ටොංගා  ආශ්‍රිතව රිච්ටර් මාපක 4.8, 6.2, 4.9, 5.8, 4.8, ආදී ලෙස භූ කම්පනයන්
  • ආජන්ටිනාව  ආශ්‍රිතව රිච්ටර් මාපක 4.3ක භූ කම්පනයක්
  • ග්‍රීසිය  ආශ්‍රිතව රිච්ටර් මාපක 4.2ක භූ කම්පනයක්
  • ඇරිසෝනා  ආශ්‍රිතව රිච්ටර් මාපක 2.5ක භූ කම්පනයක්
  • ඔරිගන්  ආශ්‍රිතව රිච්ටර් මාපක 2.7ක භූ කම්පනයක්

ආදී ලෙස භූ කම්පන ඇති වී තිබෙනවා. එසේම අද දිනයේ දී ද භූ කම්පන කිහිපයක් සිදුව තිබෙනවා. 

  • ටොංගා ආශ්‍රිතව රිච්ටර් මාපක 4.8ක භූ කම්පනයක්
  • ඇලෙස්කාව  ආශ්‍රිතව රිච්ටර් මාපක 3.2ක භූ කම්පනයක්
  • චීනය  ආශ්‍රිතව රිච්ටර් මාපක 4.3ක භූ කම්පනයක්
  • නැවතත් ටොංගා  ආශ්‍රිතව රිච්ටර් මාපක 5.3ක භූ කම්පනයක්
  • තුර්කිය  ආශ්‍රිතව රිච්ටර් මාපක 4.3ක භූ කම්පනයක්
  • පේරු  ආශ්‍රිතව රිච්ටර් මාපක 4.0ක භූ කම්පනයක්
  • ඇලෙස්කාව ආශ්‍රිතව රිච්ටර් මාපක 2.8ක, 3.7ක, 3.8ක, 2.7ක භූ කම්පන කිහිපයක්
  • කැලිෆෝනියාව  ආශ්‍රිතව රිච්ටර් මාපක 3.2ක භූ කම්පනයක්
  • පියුටො රිකෝ ආශ්‍රිතව රිච්ටර් මාපක 3.4ක භූ කම්පනයක්
  • මෙක්සිකෝව  ආශ්‍රිතව රිච්ටර් මාපක 2.5ක භූ කම්පනයක්
  • පේරු  ආශ්‍රිතව රිච්ටර් මාපක 4.3ක භූ කම්පනයක්
  • පියුටො රිකෝ  ආශ්‍රිතව රිච්ටර් මාපක 2.6ක භූ කම්පනයක්
  • ඉන්දුනීසියාව ආශ්‍රිතව රිච්ටර් මාපක 4.5ක භූ කම්පනයක් 

ආදී ලෙස භූ කම්පන කිහිපයක් ඇති වී තිබෙනවා.

ආශ්‍රිත : USGS








ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu