හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි නඩුවේ අනෙක් සැකකරුවන් හය දෙනෙකු තමන් අත ඩංගුවට නොගන්නා ලෙසට ඉල්ලමින් රිට් පෙත්සමක් අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
එයට කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා ද ඇතුළත්. එම පෙත්සම සලකා බලමින් නීතිපතිවරයා සහ පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන් අභියාචනාධිකරණයේදී ඇති කර ගන්නා ලද එකඟතාවය මත මූලික විමර්ශන අවසන් වෙන තෙක් ඔවුන් අත්අඩංගුවට නොගන්නා ලෙසට නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට උපදෙස් ලබාදී ඇති බවයි පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ.
කෙසේ වෙතත් එම සැකකරුවන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ පෙනී සිටීමෙන් පසු ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කිරීමට නීතිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා.
මේ අතර මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් අත්අඩංගුවට ගන්නා ලෙස නිකුත් කරන ලද නියෝගයට එරෙහිව තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන ලෙස ඉල්ලමින් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර තිබුණා. අභියාචනාධිකරණය මඟින් එම පෙත්සම පිළිබඳව සලකා බල හෙට (17) දිනයේ තීන්දුවක් ලබා දීමට නියමිතව තිබෙනවා.
එසේම සැකකරුවන් හය දෙනා විසින් ගොනු කල රිට් පෙත්සම 2025.03.21 වන දින අභියාචනාධිකරණයේ කැඳවීමට නියමිතයි.