විදේශ විනිමය සංචිත ආරක්ෂා කිරීම, අතිරික්ත වාහන සංඛ්‍යාවක් ආනයනය කිරීම අධෛර්යවත් කිරීම සහ අනවශ්‍ය මෝටර් රථ තොග රැස්කිරීම වළක්වා ගැනීම යන කරුණු සැලකිල්ලට ගනිමින් යම් යම් කොන්දේසි කිහිපයක් පනවා තිබෙනව බව මුදල් අමාත්‍යාංශය රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී පවස තිබෙනවා.
ඒ අනුව, ලංකාවට ආනයනය කිරීමට අවසර ලබා දී ඇති වාහන දින 90ක් ඇතුළතලියාපදිංචි කළ යුතු බවයි ප්‍රකාශ කර ඇත්තේ.
එසේ නිසි කාලය තුළ ලියාපදිංචි නොකරන වාහන සඳහා 3% සිට 45%ක උපරිමයක් දක්වා දඩ මුදලක් අය කිරීමට නියමිත වනවා.
එසේම ආනයනය කරන ලද වාහන වලින් 25%ක් මාස 6ක් ඇතුළත ලියාපදිංචි නොකළහොත්, ආනයනයට අදාළ අවසරය අත්හිටුවන බවද ප්‍රකාශ වී තිබෙනවා.