1988-89 කාලයේ බටලන්ද වධකාගාරයේ සිදු වූ ඝාතන සම්බන්ධයෙන් වූ බටලන්ද කොමිෂන් සභා වාර්තාව ද පාර්ලිමේන්තුවේ දී සභාගත කලා.
ඒ අමාත්‍ය බිමල් රත්නායක විසින්. එහිදී අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ ඒ සම්බන්ධයෙන් දෙදින විවාදයක් ඉදිරියේ දී පැවැත්වෙන බවයි.
බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් නැවත කතා බහ ඇති වූයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක අල් ජසීරා නාලිකාව සමග කළ සම්මුඛ සාකච්ඡාවේදී මතු වූ කරුණක් හේතුවෙන්. එහිදී හිටපු ජනාධිපතිවරයා නිවේදකයා ඇසූ පැනයකට පිළිතුරු දෙමින් පවසා සිටියේ අදාළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බවයි.
80 දශකය අවසාන භාගයේ දී සිදු කල මිනී මැරුම්, කෲර වධ හිංසා, අනීතිකව රඳවා ගැනීම් ආදී දේ සම්බන්ධයෙන් එවකට පැවති එක්සත් ජාතික පක්ෂය වෙත චෝදනා එල්ල වූ අතර එය ඔවුන්ගේ පාලනය බිඳ දැමීමට තරම් ප්‍රබල සාධකයක් වූවා.
එවකට බටලන්ද වධකාගාරය තුළ සිදු කල වධහිංසා ආදී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් 994දී බලයට පත්වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ රජයෙන් විමර්ශනයක් සිදු කිරීමට පූර්ණ බලැති ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරනු ලැබුවා. එයට එවකට විපක්ෂ නායකව සිටි රනිල් වික්‍රමසිංහ ද කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දුන් අතර සාක්ෂි වලින් අනතුරුව අදාළ වාර්තාව 1998 මැයි 05 වැනිදා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට ලබා දී තිබුණා. නමුත් ඒ සම්බන්ධයෙන් කිසිදු නීතිමය පියවරක් ගනු ලැබූවේ නැහැ.