පසුගිය 18 වන දින රාත්‍රියේ දී මධ්‍යම අධිවේගීමාර්ගයේ 48.5 වන කිලෝමීටර් කණුව ආසන්නයේ දී මීරිගම දෙසට ධාවනය වූ වෑන් රථයක් රියදුරාට පාලනය කරගැනීමට නොහැකිව ඉදිරියෙන් ධාවනය වෙමින් තිබූ ලොරි රථයක පිටුපස ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදු වූණා.
එම අනතුරින් කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මනෝවිද්‍යා ඒකකයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ වයස අවුරුදු 46ක් වූ ආචාර්ය එන්. ඩී. ගුනේන්ද්‍ර ගයන්ත මහතා ජීවිතක්ෂයට පත්වුණා. ඔහු තම පවුලේ සාමාජිකයන් සමඟ යාපනය ප්‍රදේශයේ සංචාරයක නිරත වී, ආපසු පැමිණෙන අතරතුරයි මෙම මාරක අනතුරට මුහුණ දී තිබුණේ. ගයන්ත මහතා තුන් නිවුන් දරුවන් තිදෙනෙකුගේ ආදරණීය පියෙක් වූවා.
ගයන්ත මහතාගේ අවසන් කටයුතු ඊයේ(22) සෙනසුරාදා දින මාකොළ නෙල්ලිගහවත්ත සුසාන භූමියේදී සිදු කෙරුණු අතර එදිනම ඔවුන්ගේ පවුලට අසන්නට ලැබුණේ තවත් අවාසනාවන්ත පුවතක්.
එම අනතුරට මුහුණ දුන් ආචාර්ය ගයන්ත මහතාගේ බිරිඳගේ බාල සහෝදරයා ද මියගිය පුවතයි.