අමෙරිකා යුක්‍රේන ගැ‍ටුමේ ඇත්ත කතාව - තුන් වන ලෝක යුද්ධයක් අත ළඟ ද ?


මරිකානු ජනපති ට්‍රම්ප් සහ යුක්‍රේනයේ ජනපති ස්ලෙනෙස්කිගේ හමුව විසඳුමකින් තොරව අවසන් වීමත් සමඟම ජාත්‍යන්තර දේශපාලනය තුළ උණුසුම් තත්ත්වයක් මතුව තිබෙනවා. 

ලෝකයේ රාජ්‍යතාන්ත්‍රික ඉතිහාසයේ ඉතාමත් අදුරු දිනයක් ලෙස ඊයේ (28) දින සටහන් වුණා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරාධනාවක් මත ක්රේන ජනාධිපති සෙලෙන්සික් එරට සංචාරයක නිරත වුණා. 

රාජ්‍ය නායකයෙකුට ලැබිය යුතු නියමිත රාජ්‍ය ගෞරව සහිතව ධවල මන්දිරයේ දොරටුව ලගදී යුක්රේන ජනාධිපතිවරයා පිළිගත් ජනාධිපති ට්‍රම්ප් ඔහුව සුප්‍රසිද්ධ ඕවල් කාර්යාලයට කැදවාගෙන යනු ලැබුවා. මාධ්‍යවේදීන් රැසක් ඉදිරිපිට ආරම්භ වූ සාකච්ඡාව මුලදී ඉතා සුහදව ආරම්භ වී ගලාගෙන ගොස් තිබූ අතර පසුව  ප්‍රබල වචන හරඹයක නිරත වූ ජනාධිපති ඩෙනල්ඩ් ට්‍රම්ප් සාකච්ඡාව අතර මග නවතා දමා යුක්රේන ජනාධිපතිවරයා ධවල මන්දිරයෙන් පිටත් කර යවා තිබෙනවා. 

මෙහිදී අමෙරිකානු ජනාධිපතිවරයා යුක්‍රේන ජනාධිපතිවරයාට බැන වඳිමින් පවසා ඇත්තේ “ ඔබ දැන් ගොඩක් කතා කලා, ඔබ මේ යුද්ධය දිනන්නෑ, අපේ ආයුධ වල සහයෝගය නොතිබුනා නම් සති දෙකකින් මේ යුද්ධය ඉවරයි, ඔබට යුද්ධ කරන්න මිනිස්සුත් නෑ, අපේ මෝඩ ජනාධිපතිවරයා (හිටපු ජනාධිපති බයිඩන් මෝඩයෙකු බව ට්‍රම්ප් සදහන් කරා) ඩොලර් බිලියන 350 ක් යුක්රේනයට ලබා දුන්නා, ඔබ තුන්වන ලෝක යුද්ධයත් සමග සෙල්ලම් කරනවා, බොහෝ අය ඔබට ඕනවටත් වඩා සහයෝගය ලබා දුන්නා, ඔබ යුක්රේනයට අගෞරවයක්”  අදී ලෙසයි. 

අමෙරිකානු ජනාධිපතිවරයා සමඟ එරට උප ජනාධිපතිවරයා ද මෙම සාකච්ඡාවට එක්ව සිටි අතර අවම වශයෙන් යුද්ධයට සහයෝගය දැක්වීම වෙනුවෙන් ඇමරිකාවට ස්තූති කිරීමට හෝ සෙලෙන්ස්කි කටයුතු නොකිරීම ඔහුගේ අප්‍රසාදයට හේතු වී තිබුණා. ඕවල් කාර්යාලය තඅල ඇමරිකානු මාධ්‍ය ඉදිරියේ සෙලෙන්ස්කිගේ හැසිරීම ඇමරිකාවට අගෞරවයක් බවයි උප ජනාධිපතිවරයා පවසා ඇත්තේ. 

මේ සට්‍රම්ප් විසින් සෙලෙන්ස්කිට ඇමරිකාවට ඒමට ආරාධනා කර තිබුණේ රුසියානු යුක්‍රේනයේ යුද්ධය අවසන් කිරීමට සාම ගිවිසුමක් අත්සන් කිරීමට සහ එම යුද්ධය වෙනුවෙන් ඇමරිකාව යුක්රේනය වෙනුවෙන් වැය කල ඩොලර් බිලියන 350 නැවත ලබා ගැනීමට යුක්‍රේනයේ වටිනා දුර්ලභ ඛණිජ නිධි ලබාගැනීමෙ ගිවිසුමට අත්සන් කිරීමටයි.

යුක්‍රේනයේ ඉතිහාසය සහ දැන් ඇති කර ගැනීමට සිදුව තිබෙන මෙම ගිවිසුම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පලව තිබූ සටහනක්.

උපුටා ගැනීම

2014 වසරට පෙර යුක්‍රේනය ලෝකයේ සාමකාමී රටක්. ඒ වගේම ආර්ථික වශයෙන් දියුණු සහ දීප්තිමත් අනාගතයක් තිබූ රටක්. ලෝකයේ 'රෙයා අර්ත්' (Rare earth) නමින් හඳුන්වන මිල අධික, දුර්ලභ ඛණිජ සම්පත් තිබූ රටක් යුක්‍රේනය.

යුක්‍රේනයේ මිලියන 45 ක ජනතාවක් ජීවත් වුණා. ඔවුන් ඉතා සුවපහසු ජීවිතයක් ගත කළා.

කෙසේ වෙතත් 2014 වසරේ පෙබරවාරි මාසයේ යුක්‍රේනයේ ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පැමිණි රජයට එරෙහිව කැරැල්ලක්,  විප්ලවයක් ආරම්භ වෙනවා. 

යුක්‍රේන ජනතාව විසින් සිදු කරන බව පෙන්වූ ඒ කැරැල්ලේ පසුපස සිටියේ ඇමෙරිකාව සහ යුරෝපය. ( ඒ බව ඇමෙරිකාව නිල වශයෙන්ම පිළිගත්තා, මෙහෙයුම භාරව සිටි නිළධාරිනිය වික්ටෝරියා නූලන්ඩ්.  මයිදාන් අරගල වාර්තාව / C.I.A

පසුකාලීනව මයිදාන් අරගලය නමින් ඉතිහාසයේ ලියැවුණේත්, බටහිර මාධ්‍ය විසින් උත්කර්ෂයට නැංවූවේත් ඒ විප්ලවය.

යුක්‍රේනයේ ආණ්ඩුව (රුසියානු හිතැති) පෙරළුණා. ඇමෙරිකාවට අවශ්‍ය පාලනයක් යුක්‍රේනයේ ඇති වුණා.

2022 වසරේ යුක්‍රේනයට ඇමෙරිකාව විසින්ම පත් කළ පාලකයා විසින් රුසියාව සමග යුද්ධයක පැටළුණා. 

ඒ යුක්‍රේනය නේටෝ සාමාජිකත්වය ඉල්ලුම් කිරීම සමග. සැබැවින්ම එය යුක්‍රේනය ලවා ඇමෙරිකාව රුසියාව සමග ඇතිකරගත් ගැටුමක්.

නැගෙනහිර යුරෝපයට හෙවත් තමන්ගේ දේශ සීමාවටම ප්‍රතිවාදී නේටෝ කඳවුරු පැමිණීම රුසියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක්. එය අතිශය සාධාරණයි.

එම නිසා රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කරනවා.

යුද්ධයේ පළමු සතියේදීම රුසියානු ජනපති පූටීන්, යුක්‍රේනයට සාම සාකච්ඡා සඳහා ආරාධනා කරනවා.

ඔහුට යුක්‍රේන භූමිය අවශ්‍ය වුණේ නැහැ. ඔහුට යුක්‍රේන ආණ්ඩුව පෙරළීමට අවශ්‍ය වුණේ නැහැ. ඔහුට  අවශ්‍ය වුණේ යුක්‍රේනය නේටෝ සාමාජිකත්වය ලබා නොගන්නා බවට සහතිකයක් පමණයි.

එය අතිශය සාධාරණයි.

නමුත් ඒ මොහොතේ ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය යුක්‍රේනයට සාම සාකච්ඡා සඳහා නොයන ලෙසට කියනවා. මන්ද ඇමෙරිකාවට සහ බටහිරට මේ යුද්ධය අවශ්‍ය වුණා.

ඔවුන් යුක්‍රේනයට කියනවා "ඔබ යුද්ධ කරන්න, අවශ්‍ය සෑම දෙයක්ම අප දෙන්නම්" කියලා.

ඒ පොරොන්දු ඔවුන් ඉටු කරනවා. 

මන්ද මෙය යුක්‍රේනය ලවා ඔවුන් රුසියාවට එරෙහිව කළ රූකඩ යුද්ධයක් (Proxy war)

යුක්‍රේනයට අවශ්‍ය මුදල්, නවීන යුද උපකරණ, කුලී හේවායන් සියල්ල ඔවුන් ලබා දෙනවා.

නමුත් දිනෙන් දින යුක්‍රේනය යුද්ධය පරාජය වුණා. ඔවුන්ට සිය භූමිය අහිමි වුණා. බටහිර යුධ ආධාර වලින් සිදු වුණේ රුසියාවේ ජයග්‍රහණ ප්‍රමාද වීම මිසෙක, යුක්‍රේනය යුද්ධය ජය ගැනීම නොවෙයි.

ඒ බව සියලූම දෙනා දැනසිටියත් සැමට මේ යුද්ධය අවශ්‍ය වුණා. යුක්‍රේන පාලකයාට මේ යුද්ධය ධන නිධානයක්. ඔහු යුද්ධයෙන් විශාල මුදල් සම්භාරයක් වංචා කළා.

ඇමෙරිකාවේ ස්ථාවරය වූයේ හැකි පමණ රුසියාව දුර්වල කිරීමට යුද්ධය ඇද ගෙන යා යුතු බව.

අවසානයේ 2024 වසරේ ඇමෙරිකාවේ ආණ්ඩු මාරු වෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකානු ජනාධිපතිධූරයට පත්වෙනවා. ඇමෙරිකානු විදේශ ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා.

නව ඇමෙරිකානු පාලනය යුක්‍රේනයට මුදල් ආධාර ලබා දීම නවත්වනවා. 

යුක්‍රේනය සම්පූර්ණයෙන්ම අසරණ වෙනවා. ඔවුන්ට ආයුද, උණ්ඩ මෙන්ම සෙබලුන්ගේ ආහාර සහ වැටුප් පවා හිඟ වෙනවා.

එක්වරම යුද්ධය රුසියාවට ඉතා පහසු දෙයක් බවට පත්වෙනවා.

දැන් ඇමෙරිකාව මුල් වී යුද්ධය අවසන් කිරීමට සාම සාකච්ඡා ආරම්භ කරලා. කවදත් සිය ඉල්ලීම් ඉටු වෙනවා නම් සාමයට විරුද්ධ නැති පූටින් එයට එකඟත්වය පළ කරලා.

එදා යුක්‍රේනයට සාම සාකච්ඡා සඳහා නොයන ලෙසට උපදෙස් දුන් ඇමෙරිකාවම මුල් වී අද සාම සාකච්ඡා ආරම්භ කිරීම දෛවයේ සරදමක්.

ඒ විතරක් නොවෙයි.

මේ වසර තුනක තුළ ඇමෙරිකාව විසින් යුක්‍රේනයට ලබා දුන් යුද ආධාර වල සම්පූර්ණ වටිනාකම ඩොලර් බිලියන 350 ක්.

නව පාලනය යටතේ ඇමෙරිකාව යළිත් ඒ මුදල් යුක්‍රේනයෙන් ඉල්ලා සිටිනවා. යුක්‍රේනයට එම ණය ගෙවීමට මුදල් නැහැ.

ඉතින් යුක්‍රේනය සතු වටිනා සහ විරල ඛනිජ සම්පත් වල අයිතිය ඇමෙරිකාවට ලියා දීමට යුක්‍රේනයට සිදු වෙනවා. එම ඛණිජ සම්පත් වල වටිනාකම ඩොලර් බිලියන 500 ක්.

ඩොලර් බිලියන 350 ක් වැය කළ ඇමෙරිකාව ඩොලර් බිලියන 500 ක් උපයනවා.

එපමණක් නොවෙයි, රුසියාවේ සියලූම ඉල්ලීම් වලට එකඟ වෙන ලෙස යුක්‍රේනයට බල කරන්නේ ඇමෙරිකාවමයි.

අද යුක්‍රේනය බිඳ වැටුණු, කඩා වැටුණු රටක්.

අද යුක්‍රේනයේ ජනගහනය මිලියන 25 යි.

අද යුක්‍රේන ආර්ථිකය බංකොලොත්. නිෂ්පාදනය බිංදුවයි. රැකියා සහ ව්‍යාපාර සම්පූර්ණයෙන්ම බංකොලොත්.

යුද්ධයෙන් යුක්‍රේන තරුණයන් ලක්ෂ 15 ක් මිය ගිහින්. එය එක් පරම්පරාවක්ම අහිමි වීමක්. එවැනි පරම්පරාවක් අහිමි වීම රටකට දරාගත නොහැකියි.

ඒ විතරක් නොවෙයි. යුක්‍රේනය සතු වටිනාම සම්පත වූ වටිනා ඛණිජ සම්පත් අද ඔවුන්ට අයිති නැහැ. 

එපමණක් ද නොවෙයි. මේ දක්වා යුද්ධයෙන් යුක්‍රේන භූමියේ 20% ක් ඔවුන්ට අහිමි වුණා. 

සාම ගිවිසුමේ කොන්දේසි අනුව එම භූමිය ද ඔවුන්ට අහිමි වෙනවා. එම භූමිය රුසියාවට ලබා දීමට ඇමෙරිකාව එකඟ වුණා.

2014 කැරැල්ල හෝ, 2022 සාම සාකච්ඡා මග හැරීම සිදු නොකළා නම් යුක්‍රේනයට මේ විනාශය සිදු නොවීමට තිබුණා. අදත් යුක්‍රේනය එදා පැවැති 'දිව්‍ය ලෝකයම' වන්නට තිබුණා. අද යුක්‍රේනය මල සොහොනක්. අපායක්.

මේ යුද්ධය මෙලෙස අවසන් වීමට විශාල හේතුවක් වූයේ සාමාන්‍ය ඇමෙරිකානු සහ බටහිර ජනතාව රුසියාව සහ පූටින් තමන්ගේ හතුරෙකු ලෙස නොදැකීම.

සැබැවින්ම ඇමෙරිකානුවන්ගේ සමාජජාලා කියවීම් ඇසුරින් පෙනෙන්නේ ඔවුන් පූටින්ගේ පෞරුෂයට බොහෝ ගරු කරනවා.

නමුත් සෙලෙන්ස්කි රූකඩයක් බව ඔවුන් දන්නවා. පසුගිය ජනාධිපතිවරණය ට්‍රම්ප් ජය ගැනීමට ප්‍රධාන හේතුවක් වූයේ ඔහු යුද්ධය අවසන් කිරීම සඳහා පූටින් සමග සාකච්ඡා කරන බව පොරොන්දු වූ නිසා.

සාමාන්‍ය ඇමෙරිකානුවා නායකයෙකු ලෙස දැක්කේ පූටින් මිසෙක සෙලෙන්ස්කි නොවෙයි. ශක්තිමත් පෞරුෂයක ඇති වාසිය ඒකයි.

රටකට සිටිය හැකි නරකම නායකයා වෙනත් කිසිවෙක් නොවෙයි, රටකට සිටිය හැකි නරකම නායකයා පෞරුෂයක් නැති, බියගුලු 'රූකඩයක්'.

වෙනත් සෑම සෘණාත්මක ලක්ෂණ සහිත නායකයෙකුට වඩා 'රූකඩ නායකයෙක්' රටකට හානිකරයි.

ඒකාධිපතියෙක් කියනා පුටීන් යටතේ රුසියාවට කිසිඳු හානියක් වූයේ නැහැ. ඔවුන් දිනෙන් දින දියුණු වෙමින් සිටිනවා.

නමුත් ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිමූර්ථියක් ලෙස බටහිර මාධ්‍ය විසින් චිත්‍රයට නැඟූ 'රූකඩය' සෙලෙන්ස්කි යටතේ යුක්‍රේනය සම්පූර්ණයෙන්ම විනාශයි.

යුක්‍රේනයෙන් අපට උගත හැකි පාඩම එයයි.

ඉරේෂාන් සිරිවර්ධන

උපුටා ගැනීම අවසන්

යුක්‍රේනය මෙතරම් වටිනා රටක් වන්නේ ඇයි ?

කාලයකට පෙර සෝවියට් දේශයේ කොටසක් වූ අද වෙනම රටක් වන යුක්රේනය යුරෝපා රටවල් අතරින් දෙවැනි විශාලතම රට වනවා. එහි මිලියන 40ක ජනතාවක් වාසය කරනවා. 

  • යුක්රේනය සතුව ඉතා වටිනා යුරේනියම් ඇත.
  • එහි ඇති ටයිටේනියම් ප්‍රමාණාත්මකව යුරෝපයේ දෙවන හා ලෝකයේ දසවැනි ස්ථානය ගනී.     
  • ලෝකයේ මෙතෙක් සොයාගෙන ඇති manganese නිධි වලින් 12% ( ටොන් බිලියන 2.3) ප්‍රමාණයක් ඇත්තේ යුක්රේනය සතුවයි. 
  • යකඩ / Iron සම්පත් වල හිමිකම් වලින් ලෝකයේ දෙවැනියා වෙයි
  • යුරෝපයේ ප්‍රමාණාත්මකව දෙවැනි රසදිය/ Mercury හිමිකරු වෙයි.
  • යුරෝපයේ තුන්වැනි ස්ථානයට හා ලෝකයේ 13 වෙනි ස්ථානයට ස්වාභාවික වායු  අයිතිය සතුය.
  • ගල් අඟුරු නිෂ්පාදනය අතින් ලෝකයේ හත්වෙනියා වේ.
  • වගා කිරීමට සරු කළු  පස් ඇති රටවල් අතරින් ලෝකයේ තුන්වැනි ස්ථානය ගනියි. 
  • සූරියකාන්ත/ Sunflower තෙල් හා අනෙක්  නිෂ්පාදන වලින් ලෝකයේ පළමුවෙනියා වේ.   
  • ලෝකයේ මුළු බාර්ලි / barley නිෂ්පාදනයත් දෙවැනියා වන අතර අපනයනයෙන් හතරවෙනියා වේ.  
  • ඉරිගු අපනයනයෙන් ලෝකයේ හතරවෙනියාද තිරිඟු අපනයනයෙන් අටවෙනියාද වේ.    
  • ලෝකයේ හතරවෙනි අල  වගාකරුවා වෙයි.
  • රයි / Rye වගාවෙන්  ලෝකයේ පස් වෙනියා වෙයි.  
  • මී පැණි නිෂ්පාදනය අතින් ලෝකයේ  පස්වෙනි  ස්ථානය ගනියි.
  • ලෝකයේ නව වෙනි බිත්තර නිෂ්පාදකයා වේ.
  • යුක්‍රේනයට  මිලියන 600 ක් ජනතාවට ආහාර සැපයීමට හැකියාව ඇත.
  • යුරෝපයේ  ඇමෝනියා නිෂ්පාදනය අතින් පළමු තැනද, මැටි නිෂ්පාදන වලින් ලෝකයේ සිව්වෙනි තැන ගනී.
  • න්‍යාෂ්ටික බලාගාර ප්‍රමාණය අතින් යුරෝපයේ තුන්වෙනියා හා ලෝකයේ අටවෙනියා වෙයි.         
  • යූධෝපකරණ අපනයනයෙන් ලෝකයේ නවවෙනි ස්ථානයේ සිටී.

                              





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu