පෙබරවාරි මස 24 වන දින සිට, ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අද (22) දිනයේ දීද ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා තිබෙනවා.
එසේම, උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර, සබරගමු පළාත්වල සහ ගාල්ල, මාතර, මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම "අවධානය යොමු කළ යුතු" මට්ටමක පවතින බව අපේක්ෂා කෙරෙනවා.
ඒ පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ අවවාදාත්මක නිවේදනය පහතින්.