ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය විසින් ජල පිරිපහදුව සඳහා භාවිතා කරනු ලබන රසායන ද්‍රව්‍යවල ගුණාත්මක භාවය පිළිබඳව මේ දිනවල විවිධ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක්වන කරුණක්.
ඒ සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපතිවරයා විසින් වාර්තාවක් නිකුත් කර තිබෙනවා.
සාකච්ඡාවට භාජනය වෙමින් පවතින හුණු තොගය තවමත් මණ්ඩලයේ තොග වෙත භාරගෙන නොමැති බවත් කිසිදු පවිත්‍රකරණ ක්‍රියාවලියකට ඒවා තවමත් යොදාගෙන නොමැති බවත් සභාපතිවරයා එහිදී පෙන්වා දී තිබෙනවා. මණ්ඩලය විසින් විශාල පිරිවැයක් දරමින් සපයන ජලය පිළිබඳව කිසිදු අනියත බියක් ඇති කර නොගන්නා ලෙසයි එහිදී සභාපතිවරයා මහජනතාවගෙන් ඉල්ලා ඇත්තේ. එසේම එක් එක් ජලාශයන් හි රසායනාගාර පරීක්ෂණ ප්‍රතිපල ද එම වාර්තාවේ සඳහන්.
සම්පූර්ණ වාර්තාව පහතින්.