ව්‍යාජ දිනයන් යොදා වාහන ආනයනය කිරීම ගැන පැමිණිල්ලක්


2
023 ජනවාරි 15 ​​න් පසු නිෂ්පාදනය කරන ලද වාහන ආනයනය කිරීමේ සීමාවන් රජය විසින් පනවා තිබුණා.
එසේ පනවා තිබෙන සීමාවන් උල්ලංඝනය කරමින් 2022 දී නිෂ්පාදනය කරන ලද වාහන ආනයනය කිරීමට යම් සමාගමක් උත්සාහ කරන බව දන්වා ජපානයේ ශ්‍රී ලංකා මෝටර් රථ වෙළඳ සංගමය විසින් ශ්‍රී ලංකාවේ ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල්වරයා වෙත ලිඛිත පැමිණිල්ලක් ගොනු කර ඇති බව වාර්තා වනවා.

එම පැමිණිල්ලේ වැඩි දුරටත් සඳහන්ව ඇත්තේ ආනයනකරු විසින් වාහන තත්ත්ව සහතික නිකුත් කිරීම සඳහා  නිෂ්පාදන දිනයන් ව්‍යාජ ලෙස සකස් කරන ලෙස වගකිව යුතු ජපන් ආයතන තුනකට බලපෑම් කරමින් සිටින බවයි. 

ඔවුන් චෝදනා කරන්නේ පසුගිය දින කිහිපයක දී අවම වශයෙන් වාහන 150ක් පමණ ව්‍යාජ දිනයන් භාවිතා කරමින් ආනයනය කර ඇති බවයි.

රජයේ රෙගුලාසි උල්ලංඝනය කරමින් එසේ ව්‍යාජ ලියකියවිලි මත පදනම්ව ආනයනය කරන ලද වාහන ශ්‍රී ලංකා වෙළඳපොළට ඇතුළුවීමට ඉඩ නොදිය යුතු බවත් ඒවා නැවත අපනයනය කල යුතු බවත් එම පැමිණිල්ලේ වැඩි දුරටත් දන්වා ඇති බව සඳහන්.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu