ගිලී ඇති ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට ගිය "ටයිටන්" නම් කුඩා සබ්මැරීනය එක්වරම අතුරුදහන් වීමකට ලක්වුයේ 2023 වසරේදියි.
2023 ජූනි 18 උදෑසන ටයිටැනික් සුන්බුන් පිහිටි ස්ථානය වෙත ළඟාවී තිබූ පෝලා ප්‍රින්ස් නෞකාව විසින් එක්සත් ජනපද වේලාවෙන් පෙරවරු 08:00ට ටයිටන් යාත්‍රාව දියත්කර තිබුණා. එම සබ්මැරීනය නැවත මතුපිටට පැමිණීමට නියමිතව තිබුණේ එදින පස්වරු තුනටය.
1912 දී මුහුදුබත් වූ ටයිටැනික් නෞකාවේ සුන්බුන් පිළිබඳව ගවේෂණයක් සිදු කිරීම සඳහා මෙම සබ්මැරීනයින් පස් දෙනෙක් පිටත්ව ගොස් තිබුණා. ඕෂන් ගේට් (Ocean Gate) ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ස්ටොක්ටොන් රෂ් (Stockton Rush), බ්‍රිතාන්‍ය බිලියනපතියෙක් වන හර්මීෂ් හාඩින් (Hamish Harding), ප්‍රංශ කිමිදුම් ශිල්පී හෙන්රි නාජොලෙට් (Henry Nargoeolet), පාකිස්තාන සම්භවයකින් පැවත එන බ්‍රිතාන්‍යයේ පදිංචි බිලියනපතියෙක් වන ෂෙහෙසාදා ඩාවුඩ් (Shahzada Dawood) සහ ඔහුගේ පුතු වන සුලෙයිමන් ඩාවුඩ් (Suleman Dawood) එම පුද්ගලයින් පස් දෙනායි.
සබ්මැරීනය දියත් කර විනාඩි 45 කට පමණ පසු සබ්මැරීනය සමඟ තිබූ සියළුම සබඳතා බිඳ වැටුණු අතර පස්වරු 5.45ට පමණ වෙරළාරක්ෂක බලකාය වෙත මේ බව දැනුම් දී තිබුණා. ඉන් අනතුරුව බොස්ටන්හි පිහිටි එහි විධාන මධ්‍යස්ථානය විසින් අතුරුදහන් වූ සබ්මැරීමය සොයා මෙහෙයුම් ආරම්භ කරනු ලැබුවා.
දැවැන්ත මෙහෙයුම්වලින් අනතුරුව අනාවරණය වූයේ එම සබ්මැරීනය ව්‍යසනකාරී ලෙස පුපුරා ගොස් මගීන් 05 දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
මෙම සබ්මැරීනය පුපුරා යන අවස්ථාවට කලින් එහි අවසන් හඬපට එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය විසින් මේ වන විට ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා.
NOAA ධ්වනි නිරීක්ෂණ උපකරණයක් විසින් සැතපුම් 900කට ආසන්න දුරකින් පටිගතකරන ලද මෙම තත්පර 20ක ශ්‍රව්‍යයේ ස්ථිතික පිපිරීමක්, ගිගුරුම් සහිත උත්පාතයක් සහ පසුව අවාසනාවන්ත සබ්මැරීනයේ අවසාන ශබ්ද ලෙස විශ්වාස කෙරෙන ශබ්දය ඇතුළත් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එම අවසන් හඬපටය සම්බන්ධයෙන් පලවූ වීඩියෝවක් මෙතනින්.