අදානි, මෙරට ව්‍යාපෘති අකුලා ගැනීම නවතා දමයි ද?


න්දියානු ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානි ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට නියමිතව තිබූ සුළං බලශක්ති ව්‍යාපෘතිය ඉවත් කර ගැනීමට තීරණය කර ඇති බවට පසුගිය බදාදා දින දන්වා සිටියා. 

ඒ ආයෝජන මණ්ඩලයට ලිපියක් යොමුකරමින්. සිය ව්‍යාපෘති අත්හිටුවන බවට වන ලිපිය ආයෝජන මණ්ඩලයව් එත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය මඟින් ඒ පිළිබඳව ඊයේ දිනයේ දී තොරතුරු හෙළිකරනු ලැබුවා. 

මෙසේ එම ව්‍යාපෘති අත් හි‍ටුවීමට තීරණය කර ඇති බවට දැන්වීමත් සමඟම ඉන් පැය කිහිපයකට පසු ඉන්දීය පාර්ශවය සහ ශ්‍රී ලංකා රජය ලබන සතියේ තවත් සාකච්ඡා මාලාවකට යාමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ. 

එම සාකච්ඡාවේ අරමුණු වී ඇත්තේ මෙරට ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අන්‍යෝන්‍ය තීරණයකට එළඹිය හැකිදැයි බැලීමට සහ ගැටළු සාකච්ඡා කිරීමයි. 

මේ හේතුවෙන් එම ව්‍යාපෘති සම්පූර්ණයෙන් අහෝසි නොවනු ඇති බවට බලාපොරොත්තුවනවා. 

කෙසේ වෙතත් මේ වන විට ඉන්දීය පාර්ශ්වය සිය කලකිරීම ප්‍රකාශ කර ඇත්තේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව දැනටමත් සාකච්ඡා වට 14ක් පවත්වා ඇතත් එහි අනුමැතිය ලබා ගැනීමේ ප්‍රමාදය පිළිබඳවයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය දිනක සිදු කල ඉන්දියානු සංචාරයේ දී ඉන්දීය නිලධාරීන්ට පවසා ඇත්තේ තම රජය අදානි ව්‍යාපෘතිය පිළිබඳව සාකච්ඡා කිරීමට කැමැත්තෙන් සිටින නමුත් සමාගම විසින් දක්වන ලද බදු අනුපාත අඩු කළ යුතු බවටයි. 

මේ අතර, අදානි සමාගම විසින් ව්‍යාපෘති අත් හි‍ටුවීම පිළිබඳව වූ ලිපිය ආයෝජන මණ්ඩලය වෙත යැවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත එම තොරතුරු ලබා දීම සම්බන්ධයෙන් ආයෝජන මණ්ඩලය කලබලයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. එම තොරතුරු මාධ්‍යවෙත යොමුවීම සම්බන්ධයෙන් වගකිවයුත්තන් සොයා පරීක්ෂණයක් කෙරෙනු ඇති බවටත් පැවසෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu