වී අලෙවි මණ්ඩලය විසින් වී මිලදී ගන්නා මිල ගණන් සම්බන්ධයෙන් ප්‍රකාශයක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.ඒ අනුව, නාඩු වී කිලෝවක් රුපියල් 120කට ද, සම්බා වී කිලෝවක් රුපියල් 125කට ද, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 132කට ද මිලදී ගන්නා බවයි එහි දී අමාත්‍යවරයා පවසා ඇත්තේ.
එසේ රජය විසින් වී මිලදී ගැනීමේ සහතික මිල ප්‍රකාශ කිරීමත් සමඟම මරදගහමුල සහල් ව්‍යාපාරික සංගමයේ සභාපති බී.කේ. රංජිත් පවසා සිටින්නේ එම සහතික මිල හේතුවෙන් සහල් මිල ඉහළ යා හැකි බවයි.
රජයේ සහතික මිලට වී මිලදී ගෙන සහල් සඳහා වන පාලන මිලට සහල් අලෙවි කළ නොහැකි බව ඔහු පවසා සිටිනවා. මෙම තත්ත්වය හේතුවෙන් සහල් අලෙවි කරන මිල ගණන් නැවත ප්‍රසිද්ධ කිරීමට බලාපොරොත්තුවන බවයි ඔහු වැඩි දුරටත් පවසා ඇත්තේ.