2022 පැවති අරගල කාලයේ දී තමන්ගේ දේපළ හානි වූවා යැයි පවසමින් දේශපාලඟයින් විසින් රජයෙන් වන්දි මුදල් ලබා ගනු ලැබුවා.
මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස අද පාර්ලිමේන්තුවේදී හෙළිදරව්වක් සිදු කලා.
යම්කිසි දේපළ හානියකදී ලබා දිය හැකි උපරිම වන්දි මුදල ලක්ෂ 25ක් බවත් බලය අතේ තබා ගෙන දේශපාලඥයින් විසින් වන්දි ලබා ගෙන ඇති බවත් ඔහු මෙහිදී පවසා සිටියා.
එකසිය විසි දෙකෝටි හතලිස් එක් ලක්ෂ තිස් හතර දහස් හත්සිය තිස් හතක් (කෝටි 122.41) ක වන්දි මුදලක් දේශපාලඥයින් විසින් ලබා ගෙන ඇති බවයි ඇමතිවරයා පවසා සිටියේ.
අමාත්‍යවරයා සඳහන් කල පරිදි එක් එක් දේශපාලඥයින් විසින් ලබා ගත් වන්දි මුදල් පහත ආකාරයයි.
- කෙහෙළිය රඹුක්වැල්ල - රුපියල් ලක්ෂ 959
- ජොන්ස්ටන් ප්‍රනාන්දු - රුපියල් ලක්ෂ 934
- ගාමිණී ලොකුගේ - රුපියල් ලක්ෂ 749
- අලි සබ්රි රහීම් - රුපියල් ලක්ෂ 709
- නිමල් ලන්සා - රුපියල් ලක්ෂ 692
- මොහාන් පී ද සිල්වා - රුපියල් ලක්ෂ 601
- කෝකිලා ගුණවර්ධන - රුපියල් ලක්ෂ 587
- ප්‍රසන්න රණතුංග - රුපියල් ලක්ෂ 561
- සුමිත් උඩුකුඹුර - රුපියල් ලක්ෂ 559
- අරුන්දික ප්‍රනාන්දු - රුපියල් ලක්ෂ 552
- සිරිපාල ගම්ලත් - රුපියල් ලක්ෂ 509
- සනත් නිශාන්ත - රුපියල් ලක්ෂ 427
- එස්. එම්. චන්ද්‍රසේන - රුපියල් ලක්ෂ 438
- ශාන්ත බණ්ඩාර - රුපියල් ලක්ෂ 391
- ඩබ්ලිව්. ඩී. වීරසිංහ - රුපියල් ලක්ෂ 372
- ප්‍රසන්න රණවීර - රුපියල් ලක්ෂ 327
- ඩී. බී. හේරත් - රුපියල් ලක්ෂ 321
- කනක හේරත් - රුපියල් ලක්ෂ 292
- දුමින්ද දිසානායක - රුපියල් ලක්ෂ 288
- දොස්තර රමේෂ් පතිරණ - රුපියල් ලක්ෂ 281
- මිලාන් ජයතිලක - රුපියල් ලක්ෂ 223
- ඉන්දික අනුරුද්ධ - රුපියල් ලක්ෂ 195.5
- ෂෙහාන් සේමසිංහ - රුපියල් ලක්ෂ 185.1
- සහන් ප්‍රදීප් - රුපියල් ලක්ෂ 171.3
- විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල - රුපියල් ලක්ෂ 137.8
- රෝහිත අබේගුණවර්ධන - රුපියල් ලක්ෂ 116.4
- ජනක බණ්ඩාර තෙන්නකෝන් - රුපියල් ලක්ෂ 105.5
- සමන්ප්රිය හේරත් - රුපියල් ලක්ෂ 105.2
- අශෝක ප්‍රියන්ත - රුපියල් 7,295,000
- චන්දිම වීරක්කොඩි - රුපියල් 6,948,800
- චමල් රාජපක්ෂ - රුපියල් 6,539,374
- අකිල එල්ලාවල - රුපියල් 3,554,250
- මහාචාර්ය චන්න ජයසුමන - රුපියල් 3,334,000
- විමල් වීරවංශ - රුපියල් 2,954,000
- ජයන්ත කැටගොඩ - රුපියල් 2,814,800
- සම්පත් අතුකෝරළ - රුපියල් 2,540,610
- ප්‍රියංකර ජයරත්න - රුපියල් 2,348,000
- ප්‍රේමනාත් සී. දොලවත්ත - රුපියල් ලක්ෂ 23
- ගුණපාල රත්නසේකර - රුපියල් 1,412,780
- ජනක තිස්ස කුට්ටිආරච්චි - රුපියල් 1,143,000
- ගීතා කුමාරසිංහ - රුපියල් 972,000
- විමලවීර දිසානායක - රුපියල් 550,000
- කපිල නුවන් අතුකෝරල - රුපියල් 504,000
අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී සිදුකල සම්පූර්ණ කතාව පහතින්.