කොළඹ ප්‍රධාන පද්ධතියට අයත් "පානදුර ග්‍රිඩ් උපපොළේ" ඇති වූ හදිසි තත්වයක් හේතුවෙන් අද උදෑසන සිට දිවයින පුරා විදුලිය විසන්ධි වීමක් සිදුව තිබුණා.
පාන්දුර ප්‍රදේශයේ ට්‍රාන්ස්පෝමරයක වඳුරෙක් ගැටීම හේතුවෙන් මෙම හදිසි විදුලි බිද වැටීම සිදුව ඇති බවයි බලශක්ති අමාත්‍යවරයා පවසා සිටියේ. එසේම සූර්ය පැනල වහල මත සවිකර ඇති පාරිභෝගිකයින්ගෙන් එම පද්ධති තාවකාලික විසන්ධි කරන ලෙසද බලශක්ති අමාත්‍යවරයා මෙහිදී ඉල්ලීමක් ද කර තිබුණා. ඒ අද දිනයේ සූර්ය තාපය වැඩි වීම හේතුවෙන් අසමතුලිතතාවයක් හට ගැනීම මෙයට හේතු විය හැකි බව පවසමින්.
විදුලිය විසන්ධි වීමත් සමඟම ඒ සඳහා කඩිනම් පියවර ගනු ලැබූ අතර මේ වන විට එය යථා තත්ත්වයට පත්ව තිබෙනවා.