රනිල් වික්‍රමසිංහ නැවත පාර්ලිමේන්තුවට ?


මෙ
ම වසර අවසාන වීමට පෙර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නැවත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් පත්වීමට නියමිතව ඇති බවට වාර්තාවක් පලව තිබෙනවා. 

රනිල් වික්‍රමසිංහ මහතාට මෙම  මන්ත්‍රීධූරය ලබා දීම සඳහා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් දැනට පාර්ලිමේන්තු නියෝජනය කරන ජාතික ලයිස්තු මන්ත‍්‍රීවරයෙකු ඉල්ලා අස්වෙන බවයි වාර්තාවල සඳහන් වන්නේ. එසේ ඉල්ලා අස්වීමෙන් පසු ඇතිවන පුරප්පාඩුවට රනිල් වික්‍රමසිංහ මහතා පත්වනු ඇති. 

ඔහු මන්ත්‍රී ධූරයට පත්වූ පස්ය් විපක්ෂයේ සිටින මන්ත්‍රීවරු කිහිපදෙනෙකුද ඔහු සමඟ සම්බන්ධවනු ඇති බවටයි ආරංචි මාර්ග සඳහන් කර ඇත්තේ. දැනටමත් විවිධ පාර්ශව විසින් රනිල් වික්‍රමසිංහ මහතාට නැවත පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස යෝජනා ඉදිරිපත් කර ඇති බව සඳහන්. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu