දිවයින පුරා හදිසියේ විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් මේ දිනවල සමාජයේ වැඩි කතා බහකට ලක්ව තිබෙනවා. එසේ විදුලිය බිඳ වැටීමට හේතුව සහ ඉන් අනතුරුව විදුලිය කපා හැරීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරයේ ප්‍රධාන ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා ඊයේ (10) ප්‍රකාශයක් නිකුත් කර තිබුණා.
"පෙබරවරි 09 වන දින උදේ 11.13ට පමණ රට පුරාම විදුලිය විසන්ධි වුණා. එයට හේතුවුණේ පානදුර උප පොලේ පද්ධතියට ඇතිවුණු බාධාවක්. එම නිසා එහි ට්‍රාන්ෆෝමර් පද්ධතියෙන් ඉවත් වුණා. ඒ ඉවත් වීමත් සමඟම පද්ධතියේ විදුලි වෝල්ටීයතාවය අඩුවෙමින් ගියා. ඉල්ලුම සහ සැපයුම ආසන්න වශයෙන් අපි එක සමානව තියාගත යුතුයි. නැතහොත් සංඛ්‍යාතය වෙනස් වෙනවා. වෝල්ටීයතාවය අඩුවෙමින් ගිය නිසා සංඛ්‍යාතය අඩුවේගෙන ගියා. එවිට රට පුරාම තිබෙන සෝලා පවර් සියල්ලක්ම මේ පද්ධතියෙන් ඉවත් වුණා.
පද්ධති පාලන අංශයට දැනෙන විදුලි ජනන ප්‍රමාණයක් තිබෙනවා. සමාන්‍යයෙන් මෙගාවොට් 700 ගණනක් පමණ තමා පද්ධතියට දැනෙන්නෙ. පද්ධතියට පෙනෙන විදුලි ජනන ප්‍රමාණය තිබුණෙ. අපි උපකල්පනය කරනවා මෙගාවොට් 800 ගාණකට ආසන්න ප්‍රමාණයක් පද්ධති පාලන අංශයට නොපෙනෙන ලෙස සම්න්ධ වී තිබෙන බව. සෝලා පවර් පද්ධතියෙන් ඉවත් වීමත් සමඟම එම නොපෙන සෝලා පවර් ප්‍රමාණය ද නැති වුණා. ඒ නිසා තවත් මෙම සංඛ්‍යාතය තව දුරටත් අඩුවෙමින් ගොස් එය නොරොච්චොලේ ආරක්ෂණ පද්ධතියට බලපෑම් ඇති කලා. එහිදී නොරොච්චෝලේ ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක වී නොරොච්චොලේ තාප බලාගාරයේ මැෂින් තුනම පද්ධතියෙන් ඉවත් වුණා. එසේ ආරක්ෂණ පද්ධති ක්‍රියාත්මක වන්නේ බලාගාරයේ ආරක්ෂාවට. ඒ ඔස්සේ තමා රට පුරා විදුලිය බිඳ වැටුණේ.
මේ වන විට නොරොච්චෝල බලාගාරයෙන් ලැබෙන මෙගාවොට් 900 පද්ධතියට ලැබෙන්නෙ නැහැ. මේ වන විට ඒ අඩුව පිරවීමට අනෙකුත් තාප බලාගාරවලින් විදුලිය ජනනය කරනවා. නමුත් ඒ අඩුව සම්පූර්ණයෙන් පිරවීමට නොහැකියි. එම නිසා තමයි අපි ඉල්ලුම කළමනාකරණය කිරීමට විදුලි කප්පාදුවක් සිදු කරන්නේ. නොරොච්චෝලෙ බලාගාරය නැවත පද්ධතියට සම්බන්ධවන තෙක් විදුලිය කළමනාකරණය සිදු කරන ආකාරය මේ වන විටත් අපි දන්වා තිබෙනවා.
අපි උත්සාහා කරනවා විදුලිය කපා හරින ප්‍රමාණය අවම කරන්න. අපි බලාපොරොත්තුවනවා ලබන 14 වන දින වන විට බලාගාරය නැවත පද්ධතියට සම්බන්ධ කර ගැනීමට හැකිවෙයි කියලා."
නොරොච්චෝලේ විදුලි බලාගාරය යථාතත්ත්වයට පත් කරන්න මෙතරම් කලක් ගතවෙන්නෙ ඇයි ?
විදුලි ඉල්ලුම කලමනාකරණ කාලසටහන