කුරුණෑගල තෝරයාය ප්‍රදේශයේ දී අද (10) අළුයම බස් රථ දෙකක් ගැටීමෙන් මාරක අනතුරක් සිදුව තිබෙනවා.
මාඳුරු ඔය දෙස සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක්, තෝරයාය ප්‍රදේශයේ නවතා තිබූ කඳුරුවෙල සිට කුරුණෑගල බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් හා ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුරින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර 28 දෙනෙකු තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුලත් කර තිබෙනවා.
ඡායාරූප - අන්තර්ජාලයෙන්